විදේශ ආයෝජන 54%කින් වැටිලා.. ආයෝජකයින් ගෙන්වගන්න අලූත් නීති හදන්න ඕනෑ..

January 31, 2017 at 3:38 am | lanka C news
විදේශ ආයෝජන 54%කින් වැටිලා.. ආයෝජකයින් ගෙන්වගන්න අලූත් නීති හදන්න  ඕනෑ..

2016 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ගලා ආ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් බවත් එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 54%ක පහළ යාමක් බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කියා සිටී.

පසුගිය දා කරන ලද කරුණු දැක්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර 2015 මුල් මාස 09 තුළ ඩොලර් මිලියන 970 ක සෘජු විදෙස් ආයෝජන මෙරටට ගලා ආ බවත් එය ඩොලර් මිලියන 450 ක් දක්වා මෙම වසරේ සැප්තැම්බර් 30 වන විට අඩු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ආයෝජන මණ්ඩලය විසින් ප්‍රවර්ධන කටයුතු ඉහළ නැංවිය යුතු බවත්, විදෙස් ආයෝජකයින් මෙරටට ගන්වා ගැනීමේ දී, දැනට පවතින නීතිරීති ඒ සඳහා යෝග්‍ය නොවන බවත්ය.

– biz.adaderana.lk

31 views

12 Comments to “විදේශ ආයෝජන 54%කින් වැටිලා.. ආයෝජකයින් ගෙන්වගන්න අලූත් නීති හදන්න ඕනෑ..”

  1. Gambatta says:

    නටන්න බැරි එකාට පොලොව ඇදලු.

    • leel says:

      එතකොට 2014 රෙ ඇඩො මිලියන 1635 රටට ආයොජන ඇවිත් තියෙන්නෙ අලුත් නීති නිසාද ? තමුසෙලගෙ 2017 මහබැන්කු වාර්තාවලට අනුව එම මුදල 2015 වට ඇඩො මිලියන 1161 කයි. 2016 සැප්තම්බර් වලට ඇඩො මිලියන 450 නහයි. රටට ආයොජන නැත්තෙ නීති වල වැරැද්දෙන් නෙමෙයි….තොපි වගෙ මීහරක්ගෙ වැරැද්දෙන්……අයුරුදු 60-70- ව පැන්නහම ගෙවල් වලට වෙලා බනක් බාවනාවක් කරගෙන ඉන්නව හලො…..තොපෙ අර්තික ක්‍රමවෙද නූතන ලෝකෙට හරියන්නෙ නැ…..ඔන ගොනෙකුට යුද්ද කරන්න් පුලුවන් උනාට හරක් පට්ටියකට රටක් කරන්න බැ…..

    • somapala says:

      Champa කෝ මේ චම්පා

  2. Boo says:

    දැනට පවතින නීති රීති යෝග්‍ය වෙන්නේ නැත්තන්, 2014 දී ඩොලර් මිලියන 1635ක් විදේශ ආයෝජන රටට ආවේ කොහොමද කියලත් පැහැදිලි කලොත් හොඳා.

    හැබැයි මුළු ලෝකෙම දැන් ඉන්නේ යාලුවොලු , කෝ අර මරි මෝඩ බැංකු හොරා, කාලෙකින් දැක්කේ නෑ , හැන්ගිලාද?

  3. asaranaya says:

    තොපිලා කුට්ටි පිට කුට්ටි ඉල්ලනවිට ආයෝජකයෝ යන්න යනබව වැටහෙන්නෙ නැද්ද, කව්ද පගා මරුවෝ, තොපිලා විසින්ම ඔප්පු කර ඇත.
    ඔහෙලගෙ කටින්ම ඕවා එළියට එක ගැන සන්තෝශයි,
    කෝ පඹරාළගෙයි ,පින්ගුත්තරයගෙයි බලි කටින් දෙසාබාන යාළු විදේශික ආයෝජකයෝ,
    කොහොමද වෙනස, සතුටුයිද දැන්

  4. asaranaya says:

    හොරකම හිසට ඉහළින් දැන් ගොසින් ඇතේ,
    ආයෝජක පිරිස් ආපසු හැරුණු ඇතේ,
    කොමිස් ඉල්ල දඟලනවා හතර අතේ,
    වෙනස සැපැයි පඹයාගෙ බූරු මතේ.
    — පඹයාණෙනි වැඩේ සරළයි නේද—

  5. බන්ඩා says:

    මහින්ද රට බාර ගන්නකොට (2005 දි) විදේස අායෝජන US $ මිලියන 256 ය්. රටේ රාජ්ය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් (GDP) 96%ය්, නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට සාමය ගෙනාපු 2009 දී එ් රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 89% ට බස්සලය් තිබුනෙ. ඒ වගෙම රටේ අාර්තිකය දියුනු කොරන්න අත්තිවාරමත් දමල තිබුනා. මහින්ද ‘යහපාලන’ නඩේට රට බාර දුන් 2015 ජනවාරි වන විට 2014 විදේස අායෝජන US $ මිලියන 1635 කට වැඩි කරල තිබුනා. රටේ රාජ්ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70% දක්වා අඩු කරල තිබුනා. මහින්දගෙ කාලෙ රටේ ණය රටේ අාදායමට අඩුවෙන් තිබුන නිසා ණය ගෙවන්න ප්‍රශ්ණයක් උනේ නැහැ. ‘ජහපාලනයට’ අවුරැදු දෙකයි ගියෙ රනිලගෙ තකතිරැ වැඩ නිසා අද 2017 වන විට විදේශ අායෝජන ලෙල්ලටම බස්සගන. රාජ්ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 86% ට නග්ගගන.
    දැන් රනිල කට අැරියොත් කිියන්නෙ මහින්දගෙ ණය නිසා රට අමාරැවෙ වැටිල කියලය්. හැබැය් ඉහත කරැනු නිසා ණයට ගත්ත කියල මහින්දට චෝදනා කරන එක වැරදි බව මොලේ අැති අයට වැටහෙන්න ඔිනා.

  6. mp says:

    නීති හදන්න ඕන නෑ…මුන් ටික ගියා නම් ඇති…!!!

  7. තිත්ත ඇත්ත​ says:

    මේ අරය මොළකාරයෙක් ලු නේහ්?

  8. ravi says:

    ලෑජ්ජ්යි යකො

  9. Gamarala ge putha says:

    නාකි හම් පඩ සෙට් එකක් .
    ඇඳන් ඉන්න කලිසම බහින කොට​ ඒක උස්ස උස්ස ඉන්නවට වඩා දෙයක් කරන්න මුන් එකෙකුටවත් බෑ. කයිය විතරයි.

  10. රාහුල කොලුවා says:

    හේතුව වෙන මොනවත් නෙවෙයි ඇමතිතුමා… අර බැදුම්කර හොරකම තමයි… අනේ රටකට ගිය කල…

Main News