විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩල දීම වරදක් නම් වැරදිකරු ජනපතියි..- එජාපය කියයි..
June 19, 2017 at 12:00 pm | lanka C news
විදේශ අමාත්‍යංශය යටතට ලොතරැයි මණ්ඩල දෙක පත් කිරීම වරදක් නම් එය සාකච්චා කල යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා කියා සිටියේ අමාත්‍යංශවල සියළු විෂ්‍ය පථයන් ගැසට් කරන්නේ ජනාධිපතිවරයා විසින් බවයි.
විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩල දීම වරදක් නම් ධීවර ඇමති මහින්ද අමරවීරට මහවැලි රාජ්‍ය ඇමති ධුරය ලබා දීම ගැන අදහස කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේ ඇමති දයාසිරි ජයසේකර විසින් කරන ලද ප්‍රකාශයකට පිලිතුරු ලෙසයි.