විදේශ ඇමති ධුරයෙන් මංගල ඉවතට.. මහින්ද සමරසිංහ අලූත් විදේශ ඇමති..?
February 21, 2017 at 1:20 pm | lanka C news
මංගල සමරවීර මහතා විදේශ කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බවට වාර්තා පලවෙයි.
ශ්රි ලංකා විදේශ ප්රතිපත්තියට පටහැනි ලෙස සමරවීර මහතා ඇමති ධුරයේ කටයුතු කර ඇති බවත් ඔහුගේ ක්රියාකලිපය ශ්රි ලංකාවට අවාසි සහතගත බවටත් ශ්රීලනිප ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට දැනටමත් කර ඇති පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගනු ඇති බවද සදහන්ය.
මංගල සරමවීර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන විදේශ ඇමති ධුරය සදහා මහින්ද සමරසිංහ මහතා පත් කරනු ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.