විදේශ කිරිපිටි සම්පූර්ණයෙන් නවතන්න රජය සූදානම්..

September 27, 2020 at 12:00 pm | lanka C news
විදේශ කිරිපිටි සම්පූර්ණයෙන් නවතන්න රජය සූදානම්..

නවසිලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රි ලංකාව බවත් , ඉදිරි වසර 3 ඇතුලත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ(26) දින නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති  2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදිය.

මෙම සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඉදිරියේදි මෙරටට කිරිපිටි ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිම රජයේ බලාපොරොත්තුව බවයි.

තවද මෙම සාකච්ඡාවේදි  අමාත්‍යවරයා කියා සිටියේ

වැඩිම ජනගහණයක් ඉන්න ප්‍රාදේශිය සභා මාර්ග මේ අවුරුදු පහේදි අපි කාපට් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

2025 වෙද්දි මාර්ග කාපට් කරලා , පානිය ජලය ලබාදෙන්න අපි කටයුතු කරනවා.

නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක වැඩ පිලිවෙලක් ගෙන්න අපි කටයුතු කරනවා.

නාවලපිටිය අලුත්ගම අපනයන කෘෂිකර්මාන්තය ආරම්භ කරනවා, මේ වැඩපිලිවෙලින් සියළු දෙනාටම උදව් කරන්න පුළුවන්.

අපේ රටේ කිරි ගන්න එල ගවයන් ඉන්නේ දෙලක්ෂ පනස්දහසයි.

අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් අපි සිදු කරන්නේ 35% යි. අනිත් ඔක්කොම පිටරටින් ගෙන්නේ.

එක දවසකට ඇමරිකානු මිලියන 1 ක කිරි පිටි ගෙනවා. පිටරටවල් වලින් කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා.

අපි මිල්කො සමාගම සමග එකතු වෙලා ගව ගාල ආධාර , අවශ්‍යය කැම ටික , අවශ්‍යය තණකොල ටික, අවශ්‍යය සියළු දේ ලබා දිලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා.

ජනාධිපතිතුමාගේ බලාපොරෙත්තුව කිරි වලින් ස්වයං පෝෂිත රටක් අවු 3 ක් ඇතුලත් බිහි කරන්න.

මේ රටට කිරි ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම නතර කරන්න අපි කටයුතු කරනවා.

නවසිලන්තයේ වැඩිම කිරිපිටි ආනයනය කරන රට තමයි ශ්‍රි ලංකාව. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

49,183 views

17 Comments to “විදේශ කිරිපිටි සම්පූර්ණයෙන් නවතන්න රජය සූදානම්..”

  1. Love nature says:

    2008 වසරේ දී මෙලමයින් අඩංගු ළදරු කිරි ආහාර චීනයේ ළමුන් 290,000ක මුත්‍රා මාර්ගයේ ගල් සෑදීමේ තත්ත්වයට හේතු වූ අතර ඉන් මරණ 6ක් සිදු වූ බව තහවුරු කරගෙන ඇත. මෙම සොයාගැනීමත් සමග ම චීනය නවසීලන්තයෙන් කිරි ආනයනය නවතා දැමූ අතර ඉන් නවසීලන්ත ඩොලරය ද සැලකිය යුතු අන්දමට පහළ වැටින.

  2. දුටුගැමුණු says:

    ගෝථාභය ජනාධිපති වරයා අවුරුදු 15 ක් වත් ජනාධිපති පුටුවේ ඉන්න වෙයි ඔය ටික කරන්න.
    උදේට ෆ්‍රරයිඩ් රයිස් , දවල් ට බුරියානි ,රෑට පිසා තුන් වේලම නිකං දුන්නත් අවුරුදු 5 ඉවර වෙන කොට මුන්ට වෙනසක් ඕනෑ… කුසගින්නේ ඉදලා බලන්න… එහෙම කරලා ගෝථාභය ජනාධිපති වරයා ගෙදර යවනවා . එහෙව් ජාතියක් සිංහලයා කියන්නෙ ! අබ මල් රේනුවක මොලයක් නැති ගොබ්බයෝ ජාතියක් !

    • රතුඑලියේ අතන says:

      ඔව් මල්ලි…. උඹට විතරයි හොඳට තේරෙන මොලයක් තියෙන්නේ … උඹේ මොලේ අඟ හෙම තැනම … මයිල් ගස් වලත් මොලේ.. නියම පොරක් … රටේ ජනාධිපති කරන්න වටිනවා

      උද ඉඳගෙන ඉන්නකොට ටිකක් රත් උනාද?

      • RED BULL says:

        රතු එලියේ අතන ඒ මල්ලිගෙ කථාව හරි.ඒ මල්ලි කියපු ජාතියේ එකෙක් තමයි උඹත්.

  3. Seppita horen kotan thatta orwin says:

    Mewa karala thamai 5/6 balayak J R ta dunne. Paan polim nisa.😜😜😜😜

  4. Sekkuwa says:

    Selasum nethi aanduwak balaya gatthata ratak paalanaya karanna danne ne. Aadaaym hoyanda dannethiwa viyadamata mudal nethi unaama kiyans midi ambul kanda be kathawa wage kathaa kiyanda vedikal lebena ekakk ne.

  5. Ranjith says:

    Lankawe thibunu jathika kirimandalaya private ewunta JR wikka. Uge banandi wunu Ranil kakussi arenna okkoma wikka. Gon sajiya nidan haruwa mulu lankawama wikka uu dakke na. JR sold national milk board to private sector and his nephew Ranil sold everything but public toilets. Donkey Sajith was busy with digging hidden treasures and did not see anything. Jeppo busy with burning everything.