විදේශ ගුවන් යානාවලින් අය කරන ගාස්තු 57%කින් ඉහළට…

November 15, 2019 at 8:02 am | lanka C news
විදේශ ගුවන් යානාවලින් අය කරන ගාස්තු 57%කින් ඉහළට…

වසර 40කට පසුව ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු සංශෝධනය කෙරේ. ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු යනු ඕනෑම රටක ගුවන් සී‍මාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු වේ. ගුවන් ක්ෂේත්‍රයේදී රටක් විදේශීය විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේද එම ගාස්තු අය කිරීමයි.

ශ්‍රී ලංකාවේදී එකී ගාස්තු අය කිරීමේ බලය පැවරෙන්නේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ඇති සිවිල් ගුවන් සේවා අධිකාරියටයි. එම අධිකාරිය විසින් මීට ඉහත එම ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් සහ සේවා සැපයීමේ ගාස්තු ප්‍රකාශයට පත් කෙරුණේ 1981 වර්ෂයේදී වේ. එයින් වසර 38කට පසුව එම ගාස්තු මෙවර සංශෝධනය කිරීම විශේෂත්වයකි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එම නව ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙම නව සංශෝධනයත් සමඟ මෙතෙක් ලබා ගත් ආදායමට වඩා වාර්ෂිකව රුපියල් මිලියන 813ක අමතර ආදායමක් ශ්‍රී ලංකාවට හිමි වන බවයි.

ශ්‍රී ලංකා ගුවන් සීමාවේ දෛනිකව පියාසර කරන ගුවන් යානා ගණන 125ත් අතර ගනී. මීට පෙර එම ගුවන් යානාවලින් ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු අය කිරීමෙන් දෙදෙනිකව ලැබුණු මුදල රුපියල් මිලියන 3.9කි. වාර්ෂිකව ගත්විට එම මුදල රුපියල් මිලියන 1412.6ක් විය. නව ගාස්තු සංශෝධනයත් සමඟ දෛනිකව ලැබෙන මුදල රුපියල් මිලියන 6.1 දක්වාද වාර්ෂිකව ලැබෙන මුදල රුපියල් මිලියන 2225.6 දක්වාද ඉහළ යයි. ප්‍රතිශතක් ලෙස ගත් විට එම වැඩිවීම සියයට 57ක වැඩි වීමකි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම මුදල් ඉදිරියේදී දේශීය ගුවන් තොටුපොළ සංවර්ධනයට හා ඒ ආශ්‍රිත වැඩි දියුණු කිරීම්වලට මූලික වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බවයි.

‘අපේ රටේ ගුවන් සීමාව අපේ රට මෙන් විසි ගුණයකින් විශාලයි. ‍එම ගුවන් සීමාව ධන උල්පතක්. නමුත් මීට පෙර කවුරුවත් එයින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළේ නැහැ. විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවලට සාපේක්ෂව ගත්විට අපේ රටේ ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු තිබුණේ ඉතාම පහළ මට්ටමකම. එයින් විදේශ විනිමය විශාල වශයෙන් අපට අහිමි වුණා. නමුත් දීර්ඝ උත්සාහයකින් පසුව මේ ගාස්තු වැඩි කිරීමට අප කටයුතු කළා. මේ නව ගාස්තු ලබන පෙ‍බරවාරි මාසයේ මුල සිට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගුවන් සීමාවට මේ වන විට වැඩි ඉල්ලුමක් ඇතිව තිබෙනවා. ඒ ඉන්දියානු ගුවන් සීමාවේ ඇති කාර්ය බහුල තත්ත්වය හේතුවෙන්. ඒ මත ඉදිරියේදී මේ ගාස්තු අය කිරීමෙන් ලැබෙන මුදල තවත් වැඩි වෙනු ඇතැයි අපි ‍අපේක්ෂා කරනවා… …’යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙම අවස්ථාව අමාත්‍යාංශ ලේකම් එල්. පී‍. ජයම්පති, අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ආනන්ද විමලසේන එහි අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී නිමලසිරි , ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති දම්මික රණතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක් වූහ.

– තමීර මංජු

20,023 Viewers

15 Comments to “විදේශ ගුවන් යානාවලින් අය කරන ගාස්තු 57%කින් ඉහළට…”

  1. ගල්මංගොඩ says:

    උඩින් යන Plane ටිකත් නවත්තන්න හදන්නෙ මේ කොමිස්තුංගයා.

    • Tommy says:

      යකෝ මොක උනත් දේසපාලනය ගාවගන්න එපා.
      ඒ කරපු වැඩෙ හොදය් . හොද දේ හොද විදිය්ටත් නරක දේ නරක විදියටත් දකින්න ඉගෙන ගනිං.
      කාලකන්නියෙක් නොවී

      • Niru says:

        This bugger is calculating it in rupees and saying 57% increase. How can that be a real increase when the rupee has devalued so much during the last 38 years. In the last 4 years it got devalued by 35%. In other words airlines will pay practically the same amount in US $.
        No wonder idiots are running the country

  2. Alapaluwa says:

    උඹලට ඕවා තව කරන්න වෙන්නේ දවස් දෙකයි අයි උඹලා යන ගුවන් ගමන් වලට අම්මගේ තාත්තගේ දෙපළ වලින්ද ගුවන් බලපත්‍ර ගන්නේ. කුහක අර්ජුනයා මු එදාත් කුහකයි අදත් කුහකයි මැරෙන්නෙත් කුහක කමිනුයි.

  3. Wajira says:

    මුං ආදායම් වැඩි කරන්නේ බදු වලින් ම තමයි ! හ‌ොද ‌ස‌ේවාවක් සපයලා ගනු ද‌ෙනුු කරැවන් වැඩි කිරීම තමයි කල යුත්ත‌ේ !

    • Nishadi says:

      අනේ බුරුවෝ දන්නෙ නැත්නම් කට වහගෙන ඉදපන් ..උන් එවා කරන්න කලින් නිර්නායකයන් 10ක් සම්පුර්ණ කරලා එවා ජාත්‍යන්තර වශයෙන් පිලි ගත්තට පස්සේ තමයි මේ දේ කලේ..නිකන් ගොනෙක් වගේ හැම දේටම උම් බෑ කියන්නෙ නැතිව ඉදපන්

      • Alapaluwa says:

        කොහෙද බුරුවො ගුවන් Tickets වැඩි වේලා තිබෙන්නේ.සාමානයෙන් මේ මාස සහා Feb වනතෙක් වැඩි peak season එක නිසා නැතිනම් වැඩිවන්නේ මේ වාගේ කුහකකමින් ඉතිරීගිය කාලකන්ණි අමුනුශයෝයන්ගෙන් මිසක් .

  4. saman says:

    Chandeta kattiya enva ne…

  5. Shameera Mahawattage says:

    දැන් ඡන්දෙ දාන්න ඇවිල්ලත් හමාරයි

  6. Niru says:

    Why don’t you leave it to the new government to get the best deal. We know you people do not know how to negotiate the best deals as in Singapore Sri Lanka and MCC deals.
    So quietly leave without doing more damage to this country

    • හැඳි මිටේ නුවණ says:

      If you do good there’s no need to stay for the correct time. This is a good movement whoever or which government has taken the decision. MCC is not bad as our country deserves these types of funds beside these power hunger mongrels to develop the country. Even Mr. Mahinda’s government will also go for it as he know the value of these types of opportunities to develop the country. Mark my words.
      But all I can’t understand all of you want to bring power to an ex-American, but deny everything from America.

      • Niru says:

        Ex American but born in this country saved us from LTTE in 3 years. While the local born Piyano got 600 policemen killed while giving weapons to the terrorist group. Another 60000 of our citizens too were slaughtered. What did they achieve Other than giving birth to a Puthano who seem to know everything but nothing.
        Don’t forget Piyano also got a good unper Athulathmudali killed too.

  7. abu Bakar says:

    NOW WE HAVE DIRECT CONNECTIONS WITH NAGALOKAYA
    . NAGALOKE GEM WALIN RATA HADAMU.

  8. pangaranatta says:

    Hari Ekai Ara Enawai Kiyaapu Laksa 18 Awe Natthe

  9. Preethi Cooray says:

    Yako balapanko ranathunga paramparaawa …??? Arjuna waraye innakota ekata gaththa dammika ranathunge uge aiiya. …? Yana yana hama thanatama gaththa un dennama ekathuwelaa horakam karanne …!!! Kohoma unath anik paththe parasanna ranathunga…? Mehema Tax gahala lankawata ena flight tickerts ganan giyaama apita rata indala lankawata ennath bari wenawaa. …!!! Kalakanni kaloth oya wage wadak …?

Main News