විදේශ තානාපති කාර්ය මණ්ඩල සඳහා 75%ක පිටින් ගන්න කැබිනට් පත‍්‍රිකාවක්….

April 11, 2021 at 6:48 pm | lanka C news
විදේශ තානාපති කාර්ය මණ්ඩල සඳහා  75%ක පිටින් ගන්න කැබිනට් පත‍්‍රිකාවක්….

විදේශ තානාපති කාර්ය මණ්ඩල සඳහා 75%ක ප්‍රමාණයක් බාහිර පාර්ශවයන්ගෙන් තෝරාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට චෝදනා එල්ල වෙයි.

වාණිජ කර්මාන්ත හා සේවක ප්රගතිශීලී සේවක සංගමයේ විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරන්නේ මේ හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට පවතින අවස්ථා අහිමි වන බවයි.

එම කැබිනට් පත්‍රිකාව අනුමත වුවොත් තම සංගමය සාමාජිකයන්ට සහ සමස්ත කාර්යය මණ්ඩලයට පැවැති අවස්ථාවන් අහිමි වන බවද ලිපියෙන් පෙන්වා දී තිබේ.

26,818 views

7 Comments to “විදේශ තානාපති කාර්ය මණ්ඩල සඳහා 75%ක පිටින් ගන්න කැබිනට් පත‍්‍රිකාවක්….”

  1. නිරීක්ෂකයා says:

    යකෝ! හමුදාව හිටපු තැනිනුත් පහලට ඇදලා වළට දාපු තොපි වරප්‍රසාද හා අයිතීන් ගැන කතා කරනවාද???

    • SKF says:

      හරියට හරි.

      යහපාලන කාලේ සිරි ලංකාවට විරුද්ධ ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දුන්නේ විදේශ සේවයේ නිවටුන්.
      ඒක නිකම් තමන්ගේ පිස්තෝලයෙන් තමන්ගේ පස්ස පැත්තට තමන්ම වෙඩි තියා ගන්නවා වගේ වැඩක්.

      පිට කොදු බිදගත් නිවටුන් වැදගත් රාජකාරි වලට පත් කරනවාට වඩා සුදුසුයි පිටින් අරන් සුදුසු පුද්ගලයින් පත් කරන එක.

      • rayigama says:

        මම මේ ආණ්ඩුවට කොහෙත්ම කැමති නෑ. එත් හොඳ දක්ෂ මිනිසුන් දැමීමේ චේතනාවෙන් මේක කරා නම්, හොඳයි. නැතුව අර තිස්ස අත්තනායකගේ ලපටි බෝංචි කරල වගේ ඉන්න දුව වගේ කට්ටිය දැම්මොත් නම් අයේත් ආණ්ඩුව නාගන්නවා. දැන්වත් හැදෙන්න. දැන් හැමෝගෙම සීමාව ඉක්මවලා තියන්නේ. ලොකු බලාපොරොත්තු ඇතිව ඇවිලා යහපලානේ දහසක් හොඳයි කියන විදියට වැඩ කරන්න එපා.

  2. මැදමුලනෙ මුත්තා says:

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ශ්‍රීලංකා තානාපති කාර්යාලවලට අනුයුක්ත කරන පිරිස් කිසිදු පලදායී සේවාවක් කරන්නේ නැහැ. උන්ගෙ බලාපොරොත්තුව ගාණක් හොයාගෙන එන්න සහ වාහන පර්මිටි එක විකුණාගන්න. තානාපති කාර්යාලවල සේවය කරන උන්ට ඒ ඒ රටවල්වලදී විශාල වැටුපක් ගෙවන අතර, ඔවුන් ඒ අතරේ මාස්පතා විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන්ද මාස්පතා වැටුප් ගෙවනවා. මුංට වැටුප් දෙකයි. මෙික මොන නීතියක්ද? මුං ශ්‍රීලංකා විදේශගත ශ්‍රමිකයන්ට සලකන්නෙ බල්ලන්ට වගේ.

    • SKF says:

      ඔවු…. කොරෝනා වලින් අසරණ වෙච්ච මැදපෙරදිග ගෑනුන්ට වතුර ටිකක් වත් දෙන්නේ නැතුව පාරවල් දිගේ කාස්ටක අවුවේ වේලෙනන අරිනවා අපි වීඩියෝ වලින් දැක්කා.

      වැඩකට ඇති මිනිස්සු ටිකක් පත් කරන එක ජාතික සේවයක්.

  3. Ruwani says:

    අදාළ හෙම රටකම ඉන්න උගත් ශ්‍රීලාංකික අය එම රටවල් වලින් විතරක් ගන්න..ලෝකේ හැම රටකම ඉන්නවනේ

  4. Politikka says:

    Anything and everything will be politicized!

Main News