විදේශ රටවල සිට සිය දෙමාපියන් සොයන ශ්‍රී ලාංකික දරුවන්ට දෙමාපියන් සොයා ගැනීමට DNA පරික්ෂණ…

November 25, 2017 at 2:11 am | lanka C news
විදේශ රටවල සිට සිය දෙමාපියන් සොයන ශ්‍රී ලාංකික දරුවන්ට දෙමාපියන් සොයා ගැනීමට DNA පරික්ෂණ…

නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපතිනී Joanne Dornewaard මහත්මිය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මීට මාස 02 කට පෙර නෙදර්ලන්ත රූපවාහිනී නාලිකාවකට ලබාදුන් ප්‍රකාශයක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුනි.

දෙමාපියන් සොයා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකික දරුවන් 4000 ක් පමණ මේ වන විට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල වෙසෙන බවත්, ඔවුන්ට දෙමාපියන් සොයාගැනීමට සහයෝගය ලබාදෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා රූපවාහිනී නාලිකාවට ප්‍රකාශ කර තිබුනි. මේ පිළිබදව දීර්ඝ ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡා කෙරුනි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ශ්‍රී ලාංකික දරුවන්ට දෙමාපියන් සොයාගැනීම සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග සම්බන්ධව DNA පරික්ෂණයක් සිදු කරන බවයි. ඒ සදහා පළමුව දරුවන් පිළිබද දත්ත ගබඩාවක් සකස් කර ප්‍රචාරණ වැඩපිළීවෙළකින් අනතුරුව DNA පරික්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා නෙදර්ලන්ත රූපවාහිනී නාලිකාවට ලබාදුන් ප්‍රකාශය මත නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් දත්ත ගබඩාවක් සකස් කර ඇත. එම දත්ත ගබඩාව සකස් කළ දරුවන් දෙදෙනෙකු නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අතර, ඔවුන් දෙදෙනා ද මෙම සාකච්ඡාවට එක්වූහ.

තව ද ඔවුන් දෙදෙනා නෙදර්ලන්ත තානාපතිවරයා සමග දිර්ඝ සාකච්ඡාවක ද නිරත විය. මෙම දරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ තම දෙමාපියන් සොයාගැනීම සදහා පුවත්පත් දැන්වීමක් පළ කර ඇත. එයට අනුව මව්වරුන් පමණක් 50 ක් අන්‍යන්‍යතාවය ප්‍රකාශ කරමින් මේ වන විට මෙම දරුවන් දෙදෙනා හමු වී ඇත.

– ප‍්‍රසන්න අධිකාරී

12 views
Main News