විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීමට තුන් අවුරුදු සැලැස්මක්..
July 5, 2020 at 2:21 am | lanka C news
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා එහි පාර්ශවකරුවන්ගේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක්, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් පත්කොට තිබේ.
ශ්‍රි ලංකා ආර්ථිකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා විශාලතම දායකත්වය ලබාදෙන විදේශ රැකියා ක්ෂේත්රයේ ඉදිරි වසර 3ක කාලය තුළ සාධනීය හා ඉලක්ක ගත සංවර්ධනයක් කරා ගෙනයාම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ඒ අනුව විදේශ රැකියා ක්ෂේත්රය හා සම්බන්ධ, විදේශ රැකියා නියෝජිතයින්, විදේශ රැකියාලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව සෘජු හා වක්‍රව මෙම ක්ෂේත්රයට සම්බන්ධවන සියළු පාර්ශවවල, ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා මෙම සැලැස්ම සකස් කරනු ඇත.
මෙම සය පුද්ගල කමිටුවේ සභාපති ලෙස කාර්යාංශයේ අධ්යක්ෂ ප්‍රදීප් නියදඩුපොළ මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය, මධුෂාන් කුලරත්න, ධනුක සමරක්කොඩි, මංජුල බටගොඩ, ගිහාන් ධනුෂ්ක යන මහත්වරුන් පත් කොට තිබේ.
මෙම තුන් අවුරුදු සැලැස්ම සකස් කිරීම සඳහා මහජන අදහස් විමසීමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව විද්වත් වෘත්තිකයින්, මාධ්‍යවේදීන්, විගමණික ප්‍රජාව, පර්යේෂකයින් ඇතුළු මහජනතාවගෙන් අදහස් හා යෝජනා 2020 ජූලි මස 15 දින දක්වා කැඳවා තිබේ.
dressh2020@gmail.com විද්‍යුත් ලිපිනයට හෝ 0112864141 ෆැක්ස් අංකයට අදහස් හා යෝජනා ලබාදිය හැකි අතර, තැපෑලෙන් එවන්නේ නම්, කමිටු සභාපති, DRESSH, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කොස්වත්ත, බත්තරමුල්ල යොමුකළ හැක.
– Madushan Kularathn
විදේශ රැකියා ක්ශේත්‍රය යනු ශ්‍රී ලංකාවේ සිංහල ජාතියේ ලේ දහඩියෙන් ගොඩ නැගුණ මෙරටේ ප්‍රධාන ආදයම් මාර්ගයයි. කෙටියෙන් කිව්වොත් මෙරට දහවල් යාන වාහන විදුලිය බලශතිය සහ රාත්‍රියට අදුර දුරලන්නට විදුලි පහන් දැල්වෙන්නේ ද එම විදේශ ශ්‍රමික අපගේ ජනතාව එවන ප්‍රේශණ නිසයි.
උදේ හවා ජනමාධ්‍ය වල උස් හඩින් හිස්බස් දොඩන පාර්ලිමේන්තු සොරුන් කාබාසිනියා කරන්නේද එම ලේ දහඩිය වගුරවා ගන්නා මුදල් වේ. මහ බැංකුවෙන් සොරා කෑවේද මෙරට දුක් විදින ජනතාව සතු සාධාරණ මුදල් වේ.
විදේශ රැකියා ක්ශේත්‍රය දියුණු කරන්න කමිටුවක් පත් කළත් ඔවුන් අදහස් විමසුන ලබන්නේද තමුන්ගේම දේශපාලන ආර්ථික හිතවත්කම් තිබෙන අයගෙන්ම පමණි. MCC සමාලෝචන කමිටුවද අදහස් විමසන ලද්දේ තමන්ට අනුකූල දේශපාලන හිතවත් කම ඇති අයගෙන් වීම බරපතලම උදා හරණය වේ.