විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්….

August 25, 2020 at 2:09 am | lanka C news
විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්….

විදේශ රැකියා ප්‍රවර්ධනය හා සුභසාධනය පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් සකස් කර ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.මේ වන විට එම සැලැස්ම සකස් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

ගෝලීය කොරෝනා 19 වසංගතය හේතුවෙන් තාවකාලික පසුබෑමකට ලක් වී ඇති විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ 2021 වසර ආරම්භයේ සිට නව පිබිදීමක් ඇති කරන බවද රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසුවේ, රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි නිළධාරීන් හමුවූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෙම ආයතනය රටේ ආර්ථිකයට ඉතාම වැදගත් ආයතනයක්. කොරෝනා වසංගතයෙන් පසුව දේශීය ආර්ථිකයට ශක්තිමත් දායකත්වය ලබාදෙන ආයතනය බවට පත්කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉලක්ක ගත වැඩපිළිවෙලක් 2021 සිට ආරම්භ කළ යුතුයි. ඒ වගේම ආයතනයේ ඉදිරි කටයුතු හා සුභසාධනය පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් සකස් කර ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ වගේම මගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ විදේශ රැකියාලාභීන්ගේ විධිමත් තොරතුරු පද්ධතියක් ඇතිකිරීමයි. මම ඉල්ලීමක් කරනවා ඉතාමත් ඉක්මණින් සෑම රටකම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණිකව ලබාගන්න පුළුවන් වැඩපිළිවෙලක් මාස කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක කරන්න.

අනිත් පැත්තෙන් සුභසාධනය පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන්න ඕනි. විදේශ ගත ශ්‍රමිකයෙකුගේ අරමුණ තමයි විදේශ රැකියාවෙන් පසුව ලංකාවට ඇවිත් ජීවිත් වෙන්න ක්‍රමයක් සකසා ගැනීම. කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණෙන ශ්‍රි ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ගේ රැකියා අහිමිවීම විශාල ගැටළුවක් වෙලා. අනිත් අභියෝගය තමයි ජනවාරි මාසයේ සිට රැකියා ප්‍රශ්නයක් එනවා. 2021 සිට විදේශ රැකියා ක්ෂේත්‍රයේ අරුමයක් ඇතිකිරීම පිළිබඳව අප සියළු දෙනා කටයුතු කළ යුතුයි. ඒ වගේම මැදපෙරදිග රටවල රැකියාවලට අමතරව ජපානය හා කොරියාව වැනි රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමුකිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. අද ආසියාවේ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යද්දි වසංගතය තුරන් කරපු රටක් වශයෙන් වෙනත් රටවල රැකියා කෝටාවන් අපේ රටට ලබාගත යුතුයි. එම රටවල නියෝජිතයින් සමග සෘජුව සාකච්ඡා කරමින් වැඩි වශයෙන් රැකියා අපේ රටට ලබාගන්න මම යෝජනා කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, මහතා ඇතුළු නිළධාරීන් එක්විය.

– කළ්‍යාණප්‍රිය රාමනායක

4,039 views

2 Comments to “විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්….”

  1. senanayake says:

    too much talking at the beginning.poor expats money is taken by force for bureau registration. this money is spent for their own well being. no benefits for expats. you ask 1000 expats what they got from the bureau and they will reply nothing.

  2. Angoda Buva says:

    විදේශ ගත වන ශමිකයන් ගැන සේම ලංකාවේ සිටින ඔහුන්ගේ පවුලේ අය පිලිබඳව සොයා බැලීම සඳහාද විශේෂ වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි. විශේෂයෙන්ම විදේශ ගත වන ගැහැණු අයගේ දරුවන් නොමඟ යාම වලක්වාලීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කල යුතුයි.
    -සුභ සාධනය
    -උපදේශනය
    -නොමඟ ගිය අය වේනම් ඔහුන් පුනරුත්තාපනය
    -ආයෝඡන පහසුකම් සඳහා යොමු කිරීම ඇතුලු විශේෂ අරමුණු එවැනි වැඩපිලිවෙලක මූලික විය යුතුයි.

Main News