විදේශ ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රයක්…
June 23, 2022 at 3:10 am | lanka C news
නීත්‍යානුකූලව මාර්ගයෙන් මුදල් ශ්‍රී ලංකාවට එවන විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන් ඔවුන් විසින් ප්‍රේෂණය කරන මුදල සලතා ප්රතිආරෝපණ දෙමුහුන් වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
මේ වන විට වාහන ආනයනය කර ඇති බැවින් මේ වන විට විශේෂ අවසරය විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් හිමිවන බවද සඳහන් කළේය.
ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කල හැකිවන වාහනවලට මෙම බලපත්රහ හිමිවේ.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශකලේ ජපානයේ ජාත්‍යන්තර බඳවාගැනීම් එජන්සිය (IRO) සහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන යටතේ ජපානය බලා පිටත්වන ශ්‍රමිකයන් 12 දෙනෙකුගෙන් යුත් රැකියාලාභීන් පිරිසක් හා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන 4 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අමතමින්.
ශ්‍රී ලංකාවේ බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ කරන මුදල් ප්‍රතිශතය අනුව ඉතා අඩු පොළි ප්‍රමාණයක් මත ණය දීමේ වැඩසටහනක් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර සකස් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බවද මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
– media unit
යකෝ මේ කතා කියන්නේ ශ්‍රමිකයන් දූසිම් දෙන්නටද? මාධ්‍ය සංදර්ශන කියන්නේ මේවට.පූස් වෙඩි නොතියා හැට නව ලක්ෂය ගැන හිතාපියව්.විශාලා මහනූවර හදන්නේ නැතූව.
නිකන් බොරු ලණු දෙන්න එපා මිනිහෝ, උඹ හිතන්නේ අපි හැමෝම හැටනව ලක්ශේ ගොන් බයියෝ කියලද? Solar පවර් වාහන කොහේ හොයන්නද පුළුවන් නම් තියන තැනක් කියපන් අපිටත් හොයාගන්න
වාහන පර්මිට් එක දෙන්නේ ගෙදර සූර්ය විදුලි බලශක්ති පද්ධතියත් තියෙන රට විරුවන්ට පමණයි. අවුරුද්දකට ඩොලර් 50000 ක ලංකාවට එවන පුද්ගලයෙකුට CIF වටිනාකම ඩොලර් 20000 දක්වා වාහනයක් ගෙන්වන්න පුළුවන් වෙනවා.
අවුරුද්දකට ඩොලර් 50000.ක් ගන්න සාමාන්‍ය විදෙස් ශ්‍රමිකයො ඉන්නෙ කොයි රටේද බං.ප්‍රශ්ණෙ තියෙන්නෙ පොඩි උන්ට.අන්න ඒක කතා කරපල්ල.
උබ රාවණා ට නින්දාවක් තාක්ෂණයේ ඉහළම තැන හිටපු රජතුමාගේ පුත්‍රයා කියාගන්න එකා දන්නේ නෑ මේ කියලා තිබෙන්නේ සූර්යා ශක්තියෙන් ආරෝපණය කරගන්න එක් ගැන කියාල. එකෙන් අදහස් වෙන්නේ මිමෝ වාහනයේ උඩ සූර්ය පෙනල් නෙවෙයි නිවාසයේ සූර්ය ශක්තිය තිබෙන අයට.මනූෂ නානායක්කාර කියන්නේ හිපටුවෙක් නමුත් මේ වැඩේ හොදයි
අන්න බලන්න මනුෂ මහතා වැඩකට ඇති වැඩක් කර පෙනුව.
කපුටා වගේම , නොනවතින අරගල කරන රට්ටල, නාගය, පුතනෝ,ලපයල, රටට හෙනයක්.
උන් හදන්නේ රට නැති කරලා අපහසුත්වයට පත් උන මිනිසුන්ගේ කර මතින් බලයට එන්න.
Mu katada ban owa kiyanne…pissu h###k.
Why our politicians still lying to the people. Almost 95% US dollars comes from low & mid income middle east employees. They don’t ask car permit or loan as they cant afford it especially electric vehicles. This is to manipulate a system to purchase vehicles for few friends in the name of the overseas workers.
තම නිවාස ඉදිකර ගැනිම සදහා විදේශ ශ්‍රමිකයන් සදහා අඩු පොළි අනුපාතයකට ණය ක්රමයක හදුන්වා දිම මේ මොහොතෙ සිදුවිය යුතුම කාරනයකි.
තවද ඉදිකිරිම් නිම කර අැති නිවාස සදහා solar පද්ධතියක් සවිකර ගැනිම සදහා බදු රහිත ක්රමයක්ද හදුන්වා දිම යෝග්‍ය වේ.
මොවුන් රටට කරන සේවය ඉතා අගය කල යුතුම අවස්ථාවකි මේ මොහොත.
විදේශ ශ්‍රමිකයන්ට මුවා වෙලා මනුෂටයි අනික් 225 ටයි සැප වාහන ගේන්න ආස ඇති. රට කන මුන් වගේ විදේස ශ්‍රමිකයන්ට මොලේ අමාරුවක් නෑ අමාරුවෙන් එවන ඩොලර් ටික හැරෙන තැපෑලෙන් ජපානෙට හෝ ඉන්දියාව ට යවල වාහනයක් ගෙන්නන්න. මුං හදන්නෙ දැනට එවන ඩොලර් ටිකටත් කෙළව ගන්න.