විධායකය-අධිකරණය ගැටේ.. ජනපතිට එලිපිට අභියෝග කෙරේ.. ඉතිහාසයේ පළමු වරට විනිසුරුවන් වර්ජනයේ.. නිලවරණයත් නවතී..
February 20, 2017 at 10:54 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් මහාධිකරණ සඳහා විනිශ්චයකාරවරයෙකු ලෙස මඩකළපුව නීතිඥවරයෙකු වන රාමනාදන් කන්නන් මහතා පසුගිය දා පත්කරන ලදි.
මෙම පත්කිරිම සම්බන්ධව ශ්‍රීලංකා නීතිඥ සංගමයේ අනුමැතියකින් තොරව එහි සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට එම නම යෝජනා කිරිම හේතුවෙන් උදගත්ව ඇති අර්බුදය හමුවේ අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන ශ්‍රීලංකාවේ අධිකරණ ක්ෂේත්රයේ විනිසුරුවන් සහ දිස්ත්‍රික් විනිසුරුවන් තම විරෝධය මේ වනවිට ලිඛ්තව අවශ්‍ය පාර්ශවයන් වෙත දැනුම් දී ඇත.
මේ අතර හෙට පැවත්වෙන ශ්‍රීලංකා නීතිඥ සංගමයේ නිලවරනය පැවත්වීම සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන විනිසුරුවන් සහ දිස්ත්‍රික් විනිසුරුවන් සහභාගිත්වය වැදගත්ය. එබැවින් දැනට ඇති වි ඇති අර්බුදයට විසඳුමක් ලැබෙන තුරු විනිසුරුවන් සහ දිස්ත්‍රික් විනිසුරුවන් සහභාගි නොවීමට තීරණය කර ඇති බැවින් ශ්‍රීලංකා නීතිඥ සංගමයේ හෙට පැවත්වීමට නියමිතව තිබු නිලවරනය දින නියමයක් නොමැතිව කල් ගිය බව ශ්‍රීලංකා නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙනිය මහතා මාධ්‍ය වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියහ.
වැඩිදුරටත් කරුණු දක්වමින් අමල් රන්දෙනිය මහතා පැවසුවේ තමා ලේකම්වරයා ලෙස හෝ තම සංගමයේ විධායක සභාවේ අනුමැතිය හෝ මෙම පත්කිරිම අදාළව ජනාධිපතිවරයාට කර නොමැති බවයි.
එමෙන්ම මෙවෙනි පත්කිරිම් හරහා අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන විනිසුරුවන් සහ දිස්ත්‍රික් විනිසුරුවන්හට අගතියක් සිදුවන බව ද ලේකම්වරයා විසින් මාධ්‍ය ඉදිරියේදී පිලිගත්හ.