විධායකය අහෝසියට ශ‍්‍රීලනිපය විරුද්දයි.. 2020 විධායක ජනාධිපතිත් මෛත‍්‍රීමයි..

September 22, 2017 at 3:50 pm | lanka C news
විධායකය අහෝසියට ශ‍්‍රීලනිපය විරුද්දයි.. 2020 විධායක ජනාධිපතිත් මෛත‍්‍රීමයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහාය නොදක්වන බව එම පක්‍ෂ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ශ‍්‍රීලනිපයේ අදහස වන්නේ විධායක ජනාධිපති ධුරයේ දැනට ඇති බලතල අඩු කරන තනතුර පවත්වා ගෙන යාම බවයි.

මේ අතර ශ‍්‍රීලනිප බොහෝ ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේ පවසමින් සිටින්නේ 2020 ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපයේ අපේක්‍ෂකයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බවත් පක්‍ෂය විසින් නිසි වෙලාවට එම යෝජනාව ඉදිරිපත් කරනු ඇති බවත්ය.

50 views

9 Comments to “විධායකය අහෝසියට ශ‍්‍රීලනිපය විරුද්දයි.. 2020 විධායක ජනාධිපතිත් මෛත‍්‍රීමයි..”

  1. asaranaya says:

    කොට තට්ට සිරෝ කේන්දරය අනුව උඹ ලඟදී ම කපෝච්.උඹේ බාරෙත් ඔප්පු කරන්න බැරිවෙයි, පව් බන්!

    • හිකේ පුටං says:

      2020 ජනාධිපතිවරණය ලංවෙනකොට ජනාධිපතිවරණ පනතට සංශෝධනයක් ගෙනාවොත් නරකද මෙවර නාමයෝජනා දියහැක්කේ කලින් එම තනතුරේ වසර පහකට නොවැඩි හා වසරකට නොඅඩු පළපුරුද්දක් ඇති අයෙකුට පමණයි කියල හිටං.

  2. Shan says:

    එහෙනං අර යෝදයා UN meeting ගිහින් කිව්වේ තමන් ජනාධිපති වෙද්දී ලංකාවේ ජනාධිපතිට මේ ලෝකේ කිසිම ජනාධිපති කෙනෙක්ට නැති අසිමිත බලතල තිබ්බය, තමං ඒවා අතහරියය කියලා…

  3. Open mind says:

    78 දී ශ්‍රීලනිප ගත් නිවැරදි තීන්දු අදට වලංගු නැති නම්….බණ්ඩාරනායකලගෙ රූප ගහගෙන පිස්සු කෙළින්න ලැජ්ජා නැද්ද ?

  4. john the baptice says:

    පොලොන්නරුවෙනුත් සිරිසේන අන්ත පරාජයට පත් වෙනවා

  5. jagath says:

    Obai Ape Janapathi thawa aurudu 20 yanathuru……………..Obata jaya !!!!!!!!!

  6. weera parakum says:

    බලතල බෙදාහැරීමේ කර්යයදී රටේ බහුතර ජනයාගේ අදහස් පරිදි කටයුතු කරනු එතැයි සිතමු.ප්‍රසන එතිවන බලතල එනම් පුරාවිද්‍යා , ඉඩම්, පොලිස් ,අද්යාපන වැනි ජාතික මට්ටමේ කාර්යන් තිබෙන අයුරින්ම තිබෙනු ඇතියි සිතමු.ජනතා නියෝජිතයින් රට හා ජාතිය ගැන සලකා කටයුතු කරනු ඇති යයි උදක්ම බලාපොරොත්තුවෙමු.

  7. Saradiel says:

    රටට ජාතියට මොනවා කරලද මෙයා නැවත ඉල්ලන්නේ ඔය පක්ෂයේ ඉන්න හොරුටික රැක ගත්ත නිසාද

  8. Siraa says:

    Widaayakaya ayin kaloth rata iwaretama iwarayi…

Main News