විධායකය අහෝසි කරන්න එකග වූ මහින්දට ස්තුතියි.. ඒත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ..- JVP

April 21, 2018 at 4:40 pm | lanka C news
විධායකය අහෝසි කරන්න එකග වූ මහින්දට ස්තුතියි.. ඒත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ..- JVP

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තම පක්‍ෂය විසින් ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සදහා සහාය දීමට නම් පාර්ලිමේන්තුව ඒ සමගම විසුරැවීමේ කොන්දේසිය ඇතුළු කල නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ එවන් වගන්තියක් ඇතුළු කිරීමට නීතිමය ඉඩක් නැති බවයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් කරන එම යෝජනාව ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් අවශ්‍ය බවත් 20 වැනි සංශෝධනය සම්මතයෙන් පසු ඒ ගැන සලකා බැලිය හැකි බවත් ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් විධායකය අහෝසි කිරීමට එකග වීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට ස්තුති කරන බවද ඔහු කියා සිටියේය.

141 views

12 Comments to “විධායකය අහෝසි කරන්න එකග වූ මහින්දට ස්තුතියි.. ඒත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ..- JVP”

  1. Nim says:

    MAHA BANKU MANKOLLAYE TATH,
    ADA ME RATA WATEE TEYENA ME
    PRAPATHAYA TATH,
    RATE DAHAS GANAN THARUNAYAN
    MARA DAMEEMATA PRAMA DASATA
    MAGA PADA DEEMATATH,
    ME SIYALLATAMA
    ME ANDUWA PATH KEREEMA ADARA
    KALA JVP AKA WAGAKIWA YTHEI.

Main News