විධායකය අහෝසි කරන්න ඒකාබද්දය එකගයි.. එකම කොන්දේසියයි.. 2/3 සම්පූර්ණයි..

April 15, 2018 at 6:26 am | lanka C news
විධායකය අහෝසි කරන්න ඒකාබද්දය එකගයි.. එකම කොන්දේසියයි.. 2/3 සම්පූර්ණයි..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන යෝජනාවකට සහාය දීමට ඒකාබද්ද විපක්‍ෂය කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වෙයි.

එහ සංශෝධනය සම්මත වූ වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද කටයුතු කල යුතු බව එම කොන්දේසියයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සදහන් කර තිබින.

යෝජනාව සම්මත කරගැනීමට අවශ්‍ය 2/3ක බහුතරය සදහා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 54 දෙනා තීරණාත්මක වෙයි.

78 views

27 Comments to “විධායකය අහෝසි කරන්න ඒකාබද්දය එකගයි.. එකම කොන්දේසියයි.. 2/3 සම්පූර්ණයි..”

  1. LION voice says:

    WELL SAID Karu….. GREAT comment above agree 100%.

  2. ෴හෙළයා෴ says:

    විධායකයට කුමන අන්දමේ චෝදනා එල්ල කලත් මේ රටට විධායකය අවශ්‍යම යුගයකි.අද රට පත්ව ඇති ඛේදනීය තත්වය දෙස බලන විට මෙතරම් හෝ රට බේරී තිබෙන්නේ විධායකය නිසාය​.ජවිපෙ වැනි කිසිදා රටේ පාලන බලය හිමි කර නොගන්නා පක්‍ෂයක් මෙවන් යෝජනා ගෙන ඒම අරුමයක් නොවේ.ඔව්හු ඉතිහාසයේ දෙවරක්ම විධායකය පණ ගන්වන්නට උර දුන්හ​.දෙවරම ඔව්හු හංස පූට්ටු සාදමින් ගෙන ගිය උත්සහයෙන් පලමු උත්සහය වැරදී ගියත් දෙවන උත්සහය ජය ගන්නට සමත් විය.ඒ ජයග්‍රහණයෙන් රටට සිදුවූ යහපතක් නැත​.ඔවුනගේ දෙබිඩි පිළිවෙතට අවනත නොවන්නකු මීළඟ විධායකය බාර ගත හොත් ඔවුනගේ දියවී යාම කිසිවෙකුටත් වැලැක්විය නොහැක්කේය​.විධායකය යම් හෙයකින් අහෝසි කරන්නේ නම්, එය රටේ උන්නතිය වෙනුවෙන් කරන්නේ නම්,එසේ සැබෑ වුවමනාවක් යමෙකුට තිබෙන්නේ නම්, පළමුව කල යුත්තේ දහතුන්වන ව්‍යවස්ථාවෙන් රටට පැටවූ පළාත් සභා සුදු අලියා පලවා හැරීමය​.එය බල රහිත කිරීමය​.එකී සුදු අලියා බලයේ තබාගෙන විධායකය අහෝසි කිරීම යනු රට කෑලි කෑලි කිරීමට උර දීමකි.යම් හෙයකින් ඒකාබද්ධ විපක්‍ෂය හෝ වෙනත් කණ්ඩායම් හෝ ජවිපෙ හා එක්ව මේ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුනහොත් ඔවුනට බෙදෙන්නේද ජවිපෙට බෙදෙනා හැන්දෙන්මය​.එය කිසිවෙකුටත් වැලැක්විය නොහැක්කේය​..

Main News