විධායකය අහෝසි කරන 20 සංශෝධනය ගැන මහින්ද තීන්දුවක් ගනී..

May 27, 2018 at 10:40 am | lanka C news
විධායකය අහෝසි කරන 20 සංශෝධනය ගැන මහින්ද තීන්දුවක් ගනී..

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද යෝජනාව සම්බන්ධයෙන් ලබන බදාදා (30) දින ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්ව තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) බළපිටියේදී ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව සැබෑ ලෙසම එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන්ද එහි සැබෑ වුවමනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක්ද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී සොයා බලන බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (25) පනතක් ගෙනාවා. සමහර අය මේ ගැන නොයෙක් කතා කියනවා. මේවා කොහෙන්ද එන්නේ කියල අපි සොයා බලන්න ඕනෑ. මේ වෙලාවේ ගේන්නේ ඇයිද කියන එකත් සොයා බලන්න ඕනෑ. අපි ලබන බදාදා (30) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නවා. මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සොයා බලනවා. අපි සෑම විටම තීන්දු ගන්නේ රට ගැන හිතල යැයිද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

– ජයකාන්ත ලියනගේ

268 views

14 Comments to “විධායකය අහෝසි කරන 20 සංශෝධනය ගැන මහින්ද තීන්දුවක් ගනී..”

  1. මහාචාර්ය හෙට්ටිආරච්චි says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබතුමා සැමවිටම රට පැත්තෙන් සිතා තීරණ ගත් අති විශිෂ්ට නායකයා, එබැවින් මෙරටේ දරදඩු ඒකාධිපතියෙක් මෙන්ම දුර්වල විනාශකාරි ඒකාධිපතියෙක් බිහිවිම වලක්වන්න මෙම ධූරය අහෝසි කරන්න පෙරමුණ ගන්න,

    • Banda says:

      Gon mahacharya thumoo, 13 weni sansodanaya thiyagena widayakaya ahosi karama eka hoda wenne dema saha muslim anthawadinta.

      Eka ekata dan janadipathi wenda ba kiyala janadipathi karamaya ahosi karana eka sinhala jathiyata hoda na

    • Saman says:

      Vidhayakaya yanu sinhalayange mura deviya

  2. Cylon says:

    This is needed to take quick and strong decisions specially country like us. JVP want to cancel this because they can’t ever won this. So executive president is much needed.

  3. Aurora says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමනි, පවතින තත්වය අනුව ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ අනාගතය රැඳී තිබෙන්නේ ඔබතුමාගේ අතේය. විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම සුදුසුබව ඔබතුමා තීරණය කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චන්දයදී ජනාධිපති පත් කරනු ඇත. මෙතෙක් කල් මහජනතාව අත තිබූ තමන්ගේ ජනාධිපති තමන්ම පත්කරගැනීමට තිබූ අයිතිය මුදලට, බලයට, තනතුරු වලට යටත් කරගත හැකි බහුතරයක් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සතුවනු ඇත. එවිට පසුගියදා අගමැතිට එරෙහි විශ්වාස භන්ගයේදී මෙන් යටිකුට්ටු ක්‍රමයට ජනාධිපති පත්කරනු ඇත. එවිට මහත් ධනයක් ඇතිව ක්‍රියාත්මක වන බෙදුම්වදීන්ගේ ආශීර්වාදය සහිත අයකු ජනාධිපති ලෙස පත්වී ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ අනාගතය කුමන දිශාවකට ගෙනයාවිද? බෙදුම්වාදී කොටින්ගෙන් ඔබතුමා 2009 දී බේරාගත් අපේරට මේ 20 වන සංශෝධන මර උගුල මඟහැර ඉදිරියට ගෙනයනු ඇති බව සියලු දේශප්‍රේමීන්ගේ අපේක්ෂාවයි. මෙරටේ දරදඩු ඒකාධිපතියෙක් මෙන්ම දුර්වල විනාශකාරි ඒකාධිපතියෙක් බිහිවිම වලක්වන්නනම් ජනාධිපති තෝරා පත්කිරීමේ බලය මහජනතාව සතුවිය යුතුය. 2015 මෙන් ශ්‍රී ලංකාවේ චන්ද දායකයන් බොරුවෙන් රැවටීම මින්පසු කල නොහැකිය.

  4. ceejay says:

    100% agree with Don dissanayaka, JVP is not needed for this Country.So ddoes 20 th amendments..

  5. SUNIMAL says:

    20 සංශෝධනය කියන්නේ කොටින්ට රටබෙදාදීමට දෙමළ ඩයස්පෝරාව ගෙනාපු ක්‍රම වේදයක් ජනතා විමුක්ති පෙරමුනට විසාල මුදල් ප්‍රමානයක් ලබාදී

    තිබෙනවා මෙය ගෙන ඒමට මුන් දැන් ඉස්සරට වඩා දැන් පෝසත් අදින ඇදුම් වලින් කියාපානවා මේ වසලයන් පැරදවීම අපේ පරම යුතුකමක්

  6. Saradiel says:

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.

    • Kadiya says:

      2/3 කැමැත්ත අවශ්‍ය වගන්ති නැතිව සරල බහුතරයකින් සම්මත කරන්න පුළුවන් 20 වන සංශෝධනයක් ගෙනත් පාර්ලිමේන්තුවේ සම්මත කරලා, ඒ පනත කාරක සභා අවස්ථාවට දාල එතනදී මෙතෙක් කල් මහජනතාව අත තිබූ තමන්ගේ ජනාධිපති තමන්ම පත්කරගැනීමට තිබූ අයිතිය මුදලට, බලයට, තනතුරු වලට යටත් කරගත හැකි බහුතරයක් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සතුකරගතහැකි සංශෝධන එල්ලන්න පුළුවන්. පළාත් පාලන පනතට කරපු දේම 20 ටත් කරන්න පුළුවන්. එවිට මහත් ධනයක් ඇතිව ක්‍රියාත්මක වන බෙදුම්වදීන්ගේ ආශීර්වාදය සහිත අයකු ජනාධිපති ලෙස පත්වී ශ්‍රී ලංකාව බෙදා වෙන් කරනවා සත්තයි. ඒ නිසා 2/3 ගැන විශ්වාසය නොව 20 ට එරෙහි බලවත් අරගලයක් අවශ්‍ය කර තිබේ.

  7. මැදමුලනෙ මුත්තා says:

    නීතිය අනුව මහින්දට නැවත ජනාධිපති ධූරයට ඉල්ලන්න බැහැ.රනිල්ට තරග කරල දිනන්න බැහැ.ඒ නිසා දෙන්න සෙටිවෙලා ඔය අටමගලෙ අහෝසි කොරපල්ල.

  8. Niluka says:

    විධායක ජනාධිපති ධුරය අහෝසි කරාම මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කෙනෙක් නැති වෙනවා (තව වසරක් ගිය විට ).
    රනිල් -සම්බන්දන් ආන්ඩුව රට බෙදල, කෑලි කෑලි විදේශිකයන්ට විකුණා ඉවර කරනවා

  9. Prof. Gayan Suriabandara says:

    Why on earth taking time ? Mr. President, don’t you understand the hidden objectives of Ranil’s lapdog Anura alias Lapaya ?
    This is a ROW plan do not get caught !!!
    To take that simple discission you don’t need to know rocket science.
    Do not mark time. Just go against it.

  10. Ayotallah says:

    Every one in Sri Lanka knows very well that the JVP has only 6 MPs in Parliament and lost all the 350 PS Councils These coverts now formulating a 20th Amendment to give Ranil the executive authority downgrading the HE president when the 13th amendment is in operation If No Executive President the Provincial councils could approve any decision like asking for land and police powers which is the first step in establishing an Eelam which has to be vigorously opposed by Majority Sinhalese. No Sri Lanka MP should come to their electorates if they vote for this amendment that will ensure the birth of an Eelam

Main News