විධායකය අහෝසි කර 13 සංශෝධනය තිබුනට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි..- ජවිපෙ නායක

April 22, 2018 at 10:40 am | lanka C news
විධායකය අහෝසි කර 13 සංශෝධනය තිබුනට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි..- ජවිපෙ නායක

13 වන සංශෝධණය අහෝසි නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කිසිදු ගැටළුවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා සදහන් කරන්නේ ඉන්දියාවේද විධායක ජනාධිපතිවරයෙක් නැතිව මීට වඩා බලතල සහිත ප‍්‍රාන්ත ක‍්‍රමයක්ක‍්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් සමග නව ඡන්ද ක‍්‍රමයක් ගෙන ඒම සදහා වන සංහෝධන ගැන සලකා බැලීමට සූදානම් බවත් ජවිපෙ නායකයා සදහන් කරයි.

ජවිපෙ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එම අදහස් පල කරනු ලැබීය.

88-89 කාලයේදී ජවිපෙ මැදිිහත් වීමෙන් ඇති වූ අරගලය ඇති වූයේද ඉන්දීය මැදිහත් වීම මත පළාත් සභා ක‍්‍රමය මෙරට ස්ථාපිත කරන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගෙනයි.

මේ තීරණය හෝ සමපාත තීරණයක් එදා රෝහණ විජේවීරයන් විසින් ගනු ලද්දේ නම් නිරපරාදේ තරුණ ජීවත හැට දහසක් අහිමි නොවනු ඇත.

195 views
Main News