විධායකය අහෝසි කල යුතුයි.. මේ වගේ තව එකෙක් ආවොත් තව අවුරුදු පහක් රට ඉවරයි..- වෙල්ගම
May 31, 2018 at 11:20 am | lanka C news
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් කැමති වුවත් 20 වැනි සංශෝධනය ගෙනැවිත් තිබෙන වෙනත් සංශෝධනවලට එකග විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
‘දැන් මේ අවුරුදු තුනහමාරෙ මොනවද මේ රටට වුනේ. මේ වගේ තව එකෙක් ඉස්සරහට ආවොත් විධායක ජනාධිපති හැටියට එතකොට මොකද වෙන්නෙ තවත් අවුරුදු පහක් රට එහාට යනවා’
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව අවසානයේ ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.
ඔව් ඔව් ඒක ඇත්ත….රටේ ජනතාව විසින් ඡන්දයෙන් ජනාධිපති පත් කිරිම වැරදියි. යුද්දෙ ඉවර කළෙත් විධායක ජනාධිපති නොවේ..ඒ නිසි හොරැ ඉන්නා පාර්ලිමේන්තුවට රට පාලනය කිරීමට ඉඩ දෙමු.
මේ මොහොත වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ රටේ ජාතික අවශ්‍යතාවයක් නොවන බව ඉතා පැහැදිලිය.විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිලිබදව රට තුල කිසිදු උත්ඝෝෂණයක් හෝ මැසිවිල්ලක් නොමැත.13 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ ඉන්දියානු අවශ්‍යතාව අනුව වන අතර මෙම 20 වැනි සංශෝධනයද එවැනිම රට පෙඩරල් කිරීමේ මුලික සැලසුමක ආරම්භයක් බව ඉතා පැහැදිලිව කිව යුතුය.මේ පිටුපස සිටින්නේ ඉතා ප්‍රබල රටට එරෙහි අධිරාජ්‍යවාදී සංවිධාන හා ඉන්දියානු ඔත්තු සේවා බව නම් ඉතා පැහැදිලිය.
20 වැනි සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන්නේ මේ රටේ සංස්කෘතිය ගැන, ආගම ගැන කිසිම හැඟීමක් නැති නිසා
අපි සියලු දෙනා එක්වී කෙසේ හෝ මේ විධායක ක්‍රමය අහෝසි කර මහින්දව විධායක අගමැති කරමු.
ගෝටාගෙ සිහින මාලිගා බිඳ වැටේ.
ජනාධිපතිව සෘජුව තෝරා ගැනීමට රටේ ජනතාවට හිමි වී ඇති ඡන්ද බලය ආරක්ෂා කර ගනිමු….ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව
විසින් තෝරා ගැනීමට ඉඩ නොදෙමු….වඩා පරජාතන්ත්රවාදී , api ජනපති තේරීමද ? පාර්ලිමේන්තුව තේරීමද ?
වඩා ප්රජාතන්ත්රවාදී වන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා ගොබ්බයන් විසින් ජනාධිපති තේරීමයි. එවිට අර්ජුන් මාහේන්ද්රන් වැනි සූර චෞරයන් ට ලංකාව පාලනය කිරීම පහසුයි. ඒ නිසා ජවිපෙට සියලු චන්දදායකයින් පිංදිය යුතුය.
Niyama kathaava….