විධායකය අහෝසි කිරීම උඩු හුලගේ ගසාගෙන යයි.. ජනපති මෛත‍්‍රී 2020 ජනාධිපතිවරණයටත් තීන්දුයි..

January 9, 2017 at 2:10 pm | lanka C news
විධායකය අහෝසි කිරීම උඩු හුලගේ ගසාගෙන යයි.. ජනපති මෛත‍්‍රී 2020 ජනාධිපතිවරණයටත් තීන්දුයි..

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රිලනිපයේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ජනාධිපතිවරයා කිසිදු අදහසක් පල කර නැති එම හමුවේදී සෙසු සාමාජිකයන්ගේ අදහස වී ඇත්තේ හෙරට ඇති සුළු ජාතික ඡන්ද 27% ක ප‍්‍රමාණයෙන් බහුතරය දිනාගත හැකි එකම අපේක්‍ෂකයා වත්මන් ජනපතිවරයාය පවයි.

ව්‍යවස්ථා සංශෝධය කලත් ජනමත විචාරණයක් පැවැත්විය යුතු නැති බවටද මධ්‍යම කාරක සභාවේදී තීරණය වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයට විරුද්දව එජාපය ඇතුළු පක්‍ෂවල පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී පැවැත් වූ මුල්ම මාධ්‍ය හමුවේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ දින සියයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි.

21 views
Main News