විධායකය අහෝසි නොකරනු.. අපි විරුද්දයි..- අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් කියති..

May 5, 2018 at 1:20 pm | lanka C news
විධායකය අහෝසි නොකරනු.. අපි විරුද්දයි..- අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් කියති..

විධායක ජනාධිපති ක්‍රමය මේ මොහොතේ කිසිසේත්ම අහෝසි නොකළ යුතු බව මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරු දැජිව කියා සිටිති.

රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මැති ඇමැතින් 16 දෙනා උන් වහන්සේලා බැහැ දැකීම සදහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කලහ.

අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියෝ කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් එය බටහිර රටවල වුවමනාව බවත්ය.

මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් සදහන් කර ඇත්තේ වත්මන් විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත්ම අහෝසි නොකළ යුතු බවත් එය අහෝසි කළහොත් රට අරාජික වනු ඇති බවත්ය.

274 views
Main News