විධායක අගමැති රනිල් යටතේ ජනපති මෛත්‍රී පියන් කෙනෙක් වෙලා…
February 2, 2017 at 3:50 pm | lanka C news
විධායක ජනාධිපති යටතේ අගමැතිකම පියන්කමක් වගේ යයි ආර්.පේ‍්‍රමදාස හිටපු ජනපති කියා තිබුනද අද වන විට පෙනෙන්නට ඇත්තේ අගමැති රනිල් යටතේ ජනාධිපති මෛත්‍රී පියන් කෙනෙක් වගේ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ එප්පාවලදී පැවති ජනහමුවක් අමතමිනි.
එජාප ආණ්ඩු යටතේ ජනතාව අත සල්ලි ගැවසෙන බවට වූ මතය මේ ආණ්ඩුව විසින් සහමුලින්ම නැතිකර දමා ඇතැයිද කී ඔහු මේ රජය කර ඇත්තේ ජනතාව අත මුදල් ගැවසීම අඩු කිරීම බවද කියා සිටියේය