විධායක ජනාධිපතිකම අහෝසි කරන්න සූදානම්.. නමුත් ඔබ අගමැතිකමෙන් අස්වී මට අගමැතිකම දිය යුතුයි..- සජිත් රනිල්ට කියලා..

September 26, 2019 at 10:40 am | lanka C news
විධායක ජනාධිපතිකම අහෝසි කරන්න සූදානම්.. නමුත් ඔබ අගමැතිකමෙන් අස්වී මට අගමැතිකම දිය යුතුයි..- සජිත් රනිල්ට කියලා..

තමන් ජනාධිපති වී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වී තමනට අගමැති ධුරය බාර දුන් දිනයක බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසා පැවසූ බව එම පිලට හිතවාදී පුවත් අඩවියක් වාර්තා කරයි.

මෑත දිනදකදී මලික් සමරවික්‍රම මහතා සමගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවකදී සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ යයි වාර්තාවේ දැක්වෙයි.

එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දීමට නම් ජනාධිපති වී මාස 06ක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ලිඛිත ගිවිසුමකට එළැඹිය යුතු යයි සජිත් පේ‍්‍රමදාස මහතාට දන්වා තිබේ.

113 views
Main News