විධායක ජනාධිපතිගේ නියෝගය තුට්ටුවකට නොතැකේ.. විදේශයක සිට ලැබුණු ඇමතුමකින් ලොතරැයි දිග් ගැසේ.. මිල අඩු නොකරන බව සභාපතිවරු කියති..

January 19, 2017 at 10:00 am | lanka C news
විධායක ජනාධිපතිගේ නියෝගය තුට්ටුවකට නොතැකේ.. විදේශයක සිට ලැබුණු ඇමතුමකින් ලොතරැයි දිග් ගැසේ.. මිල අඩු නොකරන බව සභාපතිවරු කියති..

ලොතරැයි මිල වහාම රුපියල් 20ක් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නියෝග කර ඇති බව විශේෂ පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙරේදා පැවසිය.

ඒ අනුව ලොතරයි අලෙවි නියෝජිතයින් ගේ මෙන්ම ලොතරයි මිලදීගන්නන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණ බව බොහෝ පාර්ශවයන් විශ්වාස කලත් එම ජනාධිපති තීන්දුවෙන් පසුව විදේශ රටක සිට ලැබුණ හදිසි දුරකතන ඇමතුමකින් පසු සියල්ලම වෙනස් විය.

මුදල් අමාත්‍යාංශයේ සමහර උසස් නිලධාරින් ද මෙම නියෝග දෙකෙන් කුමක් ක්‍රියාත්මක කරන්නේදයි මහත් අපහසුතාවයට පත්වෙමින් සිටින අවස්ථාවක ලොතරයි මණ්ඩල දෙකේ සභාපතිවරුන් දෙදෙනාටම එම උපදේශය විදේශ රටක සිට නැවත පැමිණ ඇත.

ඉන් පසු එම සභාපතිවරුන් දෙදෙනා තීරණය කොට ඇත්තේ තමන් කටයුතු කරන්නේ මුදල් කැබිනට් අමාත්‍යවරයාගේ නියෝගවලට පමණක් බැවින් අනිකුත් නියෝග ගනන් නොගෙන සුපුරුදු පරිදි මැතකදි වැඩිකල මිලටම එනම් රුපියල් 30 ට ලොතරයි ටිකට් පත් අලෙවි කිරීමටයි.

අද ජාතික පුවපත් බොහෝමයක් ලොතරැයි මණ්ඩල බලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේද රුපියල් 20 මිලට ලොතරැයිපත් මුද්‍රණය කිරීම සදහා සතියක දෙකක කාලයක් ගතවනු ඇති බවයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මුදල් ඇමති රවි කරුණානායක ඇතුළු පිරිසක් මේ දිනවල ස්විස්ටරලන්ත චාරිකාවක නිරත වෙමින් සිටී.

32 views

31 Comments to “විධායක ජනාධිපතිගේ නියෝගය තුට්ටුවකට නොතැකේ.. විදේශයක සිට ලැබුණු ඇමතුමකින් ලොතරැයි දිග් ගැසේ.. මිල අඩු නොකරන බව සභාපතිවරු කියති..”

  1. කාලෝ අයං තේ says:

    කොන්ද පණනැති P0න්න බ්‍රාපති
    කරුපයියාගෙන් ගුටිකයි වගේ…..

  2. ගැඹුරු හඬින් බයිලා කියන අපේ සිරිගිරාමසේවක උන්නැහේ අම්මපා සීරාවට මම කියන්නේ ජනාදිපතිකමට වැඩිය හොඳයි තැපල් පියොන් වැඩක් කොරානම්>?>

    • Maraya says:

      SANTIAGO LANKA -ඔය වගේ ගොන් කතා කියන්නෙපා අපේ තැපැල් පියොන්ට අවමන් කරන්න එපා
      පියොන් අඩුගානේ අපේ ලියුම් වෙලාවට ගෙදරටම ගෙනත් දෙනවා එත් මේ හිටං රට ම පාවාදෙනවා ..විකුනනවා

  3. Janu says:

    Rubbish….Karuppaiya has a friend who is interested in buying both development/ national lottery boards. Buggers who are involved in this conspiracy will get both commission of the deal and their lifetime profit share. These UNP buggers always sold profit making national assets to their friends whenever they were in power.
    To clear the path to sell these two national assets now these crooks are playing this show..

  4. Balapitiye Silva says:

    Most of these comments are misleading and bunkum!
    Pres will never betray Ranil and the clan and that is sure.
    Ultimately Price of lottery would definitely be increased to 30/- and agrreements re Magamoura, Port City, ICTA, agreements with Japan and Singapore would definitely ber signed without any revision or change by this govt. and that is for sure!
    It would be left for next govt by Gota or ProMahinda to make the necessary withdrawals cancellations and amendments!

Main News