විධායක ජනාධිපතිගේ නියෝගය නෙස්ලේ බහුජාතික සමාගම ඉවතලයි.. සතියකින් පසුත් බලධාරීන් නියෝගය තුට්ටුවකට ගණන් නොගනී… ඒත් කොරියාවේ ලොකුම සමාගමේ ලොක්කා හිරේ..
November 20, 2017 at 9:20 am | lanka C news
පසුගිය සතියේදී එනම් 11 වෙනිදා ජාතික දියවැඩියා දිනය වෙනුවෙන් පැවති පාගමනට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටේ පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ Milo තුල සීනි අධික මට්ටමේ පවතින බව ප්‍රකාශ කලේ ය. ඒ සමාන්‍යයෙන් සීයයට 5 තිබිය යුතු මට්ටමට වඩා බෙහෙවින් වැඩි සීයයට 16 දසම 5 ක් මයිලෝ පානය තුල ඇති බව සාක්ෂි සහිතව පෙන්වමිනි.
ඒත් ජනාධිපතිවරයා එසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අනතුරුව සතියකට වඩා කාලය ගොස් ඇතත් එම චෝදනාවට ලක් වු සමාගම ඒ සම්බන්ධව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිම හෝ අවම වශයෙන් ජනතාව දැනුවත් කිරිමවත් නොකලේ ය. ඒ වෙනුවට එම සමාගම මයිලෝ පානය ඒ පරිදිම දිවයිනේ සෑම වෙළෙදසැල් තුල කිසිම වෙනස් කිරිමකින් තොරව අලෙවි කරයි. සෞඛ්‍යයක බලධාරීන් හෝ පාරිභෝගික අධිකාරියේ බලධාරීන් හෝ ඒ ගැන සොයා බලා මෙතෙක් කිසිදු තීරණයක් ද මේ වන තෙක් ගෙන නොමැත. Link
19 දින කාර්ගිල්ස් ෆුඩ්සිටියෙන් මයිලෝ පානය සහ නෙස්ටොමෝල්ට් පානය පැකට් දෙකක් පාරිභෝගිකයකු විසින් මිලදි ගත් රිසිට් පත සහ එම පැකට් දෙකේ ඡායාරූපයක් අප වෙත එවා ඇත. එම පැකට්ටුවල සීනි ප්‍රතිශතය තවමත් සඳහන් කොට නොමැත, ඒ අනුව ජනාධිපතිවරයා චෝදනා කල ආකාරයෙන් එම කිරි පැකට් තුල සිනි ප්‍රතිශතය තවමත් වසන් කොට අලෙවි කරමින් තිබිම කණගාටුදායක කරුණකි.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ නියමයන්ට අනුව පුද්ගලයකු දිනකට පරිභෝජනය කලයුතු සීනි ප්‍රමාණය ගෑම් 30 කි. එහෙත් පුද්ගලයකු උදේට නෙස්ටොමොල්ට් කෝප්පයකුත්, දවල්ට මයිලෝ පානයකුත් සවසට හෝ රාත්‍රිය හෝ මල ගෙදරකට ගොස් නෙස්කැෆේ කප් එකකුත් පානය කලොත් එය ග්‍රෑම් 100 ක් ඉක්මවා යයි. එනම් සමාන්‍ය පුද්ගලයකු දින 4 කට පමණ පාවිච්චි කල යුතු සිනි ප්‍රමාණය මෙම ක්ෂණික පානයන් නිසා එක දිනකින් ශරීරයට ලැබේ. මෙයින් මෙම සීනි අධික කිරි පානය පාවිච්චි කිරිමේ භායනක කම වටහා ගත හැකිය.
මිට හොඳම උදාහරණයක් චීනයේන් වාර්තා විය ඒ එරටෙහි ලදරුවන් ලක්ෂ 3 ක් රෝගින් බවට පත් කල කිරිපිටි සමාගමක ප්‍රධානින් දෙදෙනකු වැරදිකරුවන් කොට එල්ලා මැරිමට තීරණය කිරිමයි. එමෙන් එම සමාගමේ ලොක්කා ජීවිතාන්තය දක්වා සිරගත කිරිමයි. Link
එමෙන්ම ලෝකයේ සුපිරි සමාගම් අතර 15 වෙනි විශාලතම සමාගම වනුයේ කොරියාවේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමයි. එහි වෙළෙඳ වටිනාකම ඇ.ඩොලර් බිලියන 254 කි. එනම් ශ්‍රීලංකාවේ වාර්ෂික දල ජාතික ආදායම මෙන් තුන් ගුණයිකි. වාර්ෂික වෙළෙඳාම ඇ.ඩොලර් බිලියන 174 කි. එනම් අපේ වාර්ෂික අපනයනය මෙන් 17 ගුණයක් බව ලෝ සුපතල ෆෝබ්ස් වාර්තා කරයි. Link
එහෙත් එම සාමාගමේ කොරියානු රජයට වංචා කරමින් තම සමාගමට වාසියක් ලබාගැනීමට එරෙහිව එරටේ අධිකරණය ඉදිරියේදී දූෂණ නඩුවක් විභාග වු අතර එම නඩුවේදී සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමේ සභාපතිවරයා වරදකරු බවට තීරණය කරමින් වසර 5 ක් බන්ධනාගාර ගත කලේය, Link
ඉහත නඩුව ඉතා වැදගත් වනුයේ කොරියානු ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ ලෝකයේ 15 විශාලතම වානිජ වටිනාකමක් සහිත සමාගමේ සභාපති ජේ වයි ලී Jay Y. Lee කොරියානු ආණ්ඩුවට වංචා කොට ඒ හරහා තම සමාගමේ ලාභදායිත්වය වැඩිකර ගැනීමට ආණ්ඩුව පෙලබවීම යටතේ වසර 5 කට බන්ධනාගාර ගත වීමයි. නමුත් ශ්‍රීලංකාවේ අනාගත දරු පරපුර දියවැඩියා රෝගින් කරමින් මනුෂ්‍ය ශරීරයට නුසුදුසු මට්ටමේ අධි සිනි සහිත කිරි පානයන් සපයා සමාගම ලාභා උපයා ගැනිමයි. ඒ අනුව රටේ ජනතාව රෝගීන් කීරිමට ගන්නා උත්සහය අවම වශයෙන් රටේ ජනාධිපතිවරයා විසින්ම පෙන්වා දුන් පසුත් ක්‍රියා නොකිරීම ජාතියේ අභාග්‍යකි.
අපේ ජනතිපති තුමා පත්තරේ බැලුවේ නා කියාවී දැන් ඉතින්
මම අද දැක්කා අපේ කැන්ටිමේ මයිලෝ වෙනුවට ඇංකර් ඩිස්ප්ලේ දාලා තියනවා. පසුගිය කාලේ, වස කවලම් නිසා, මහජනතාව වෙතින් ඇංකර් ප්‍රතික්ෂේප වෙලා තිබුනා. දැන් ඉතින් මහාරාජාට කල්ල මරේ. “කොටි සිරස” මයිලෝ කේස් එකට හොඳ පබ්ලිසිටියක් දෙයි. ඇයි “හිටං තුමාගෙන්” සංඛ්‍යාත හම්බවුනානේ. හිටං සහ “කොටි සිරස” අතර මොන ඩීල් තියනවාද දන්නේ නෑ.
Issella meya gananganna ekek hoyala deepanko. Ita passe balamu multinational company ekka happenna…
අනේ පව් මේ මනුෂ්‍ය කියන දෙය ආණ්ඩුවේ නිලධාරින් ගනන් ගන්නේත් නැහ. කොම්පැනිකාරයෝ ගනන් ගන්නේත් නැහ.
පව් අහිංසකයා ..
කවුරුවත් මෙයා කියන දේවල් ගණන් ගන්නේම නැහැ නේ
සිරිසේන ලොක්ක MILO add එකේ ඉන්නවා වගේ
අනේ රටක ජනාධිපතිකෙනේකුට ගිය කළ අඩුතරමින් බල්ලෙක් බලලේක්වත් තුට්ටුවකට මායිම් කරන්නේ නැ නොවැ මෙයාගේ වචන.මොනවටද මේ රජකම? චි ලැජ්ජයි ලංකාවේ වෙනදේවල් දිහා බලාසිටින මේ අප්පුලාගේ ඉස්සර ලැබුණු ගරුකිරිමනම් නැවත අපිට ලැබෙන්නේ නැ.දැන්නම් කිසිම ගරුකිරීමක් අපිට නැ. නැවත ලැබෙයිද මන්දන්නෙත් නැ? කරන්න තිබෙන්නේ එකමදෙයයි Zimbabwe Robert Mugabe ඒකාධිපති බලය බිඳ හමුදාව ශනිකයෙන් පාළනය අතට ගතයුතුයි.එයින් පසු රාජ්‍ය විසුරුවා නැවත චන්දයකට රට ගෙනයායුතුයි. එවිට ජනතාව තීරණය කරාවි කෙරෙන්න තිබෙන සුදුසුම විදිය.නැතිව මුන් මේ කෙළින පිස්සුව නවත්වන්නේ නැ කවදාවත්ම.අපිට දැන්නම් පෙනෙන්න තිබෙන පැහැදිළි දසුනක්නම් මෙතරම් හොරකම් කර අතටම අසුවීත් ඔවුන් නිදැල්ලේ, නමුත් තවමත් චුදිතයන් නොවූ අය හිරකරගෙන අවුරුදු ගණන් නඩු අසනවා කිසිම Direction එකක් නැතිව.හරිම කණගාටුයි මේ ශ්‍රිලංකාවේ සිදුවන නීති පද්ධතිය ක්රියාකරණ ආකාරය සමහර නඩුකාරවරුත් හැසිරෙන ආකාරය.ලැජ්ජයි අපිට ලැජ්ජයි හලෝ දැන්නම් ලංකාවේ කියන්නත්!
සහෝ පඹ සරළයට දෙමුද වැඩැක්, හමුදාවම ලැස්ස්තියි
රටේ සංස්කෘතිය සධාචාරය වනසන, මුදලට මුල්තැන දෙන ඇතැම් මාධ්‍යයටත් වාරණයක් ඉක්මනින්ම දැමිම ඔබතුමාගේ වගකීමකි.
වෙනසක …..අරුමය….! මාර ම….මාර…ප්‍ර ජාතන්ත්ර වාදීයි….
දකුනු කොරියාවෙ ජනාධිපති ලෙස 2013 පත් වෙච්ච පාක් ජෙන් හුය් එයාගෙ යාලුවො මගින් සමාගම් ලොක්කන් ගෙන් මුදල් ගත්ත ජරාව කෑව කියල ජනාධිපති කමෙන් පැන්නුවා. ලංකාවෙ ජනාධිපති බැඳුන්කර හොරැ පත් කල සහ උන් අාරක්ෂා කල අගමැති බේරැවා කියල ප්‍රසිද්ධයේ කියලත් සැපට ඉන්නවා. ලංකාව කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ උඩින්ම ඉන්නෙ එක කියන්නත් දෙයක්ද?
ඉස්සර සංගා දැන් සිරාකෝස්හි
Milo Mithreege katha witharai weda naha. No Action Talk Only. Member of NATO .
Yasalalakatissa kenek rajakaragena loketama vinodaswadaya sapayanawa.