විධායක ජනාධිපති අහෝසි කරන්න යන පොහොට්ටු නායකයන්ට ගම්මන්පිලගෙන් සැර ටොක්කක්..

February 26, 2019 at 10:40 am | lanka C news
විධායක ජනාධිපති අහෝසි කරන්න යන පොහොට්ටු නායකයන්ට ගම්මන්පිලගෙන් සැර ටොක්කක්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

ඉතිහාසයේ දෙවතාවක් හැරුණුකොට අන් සෑම වතාවකම අස්ථාවර පාර්ලිමේන්තු බිහිවූ සමානුපාතික මැතිවරණ ක්‍රමය තබාගෙන බෙදුම්වාදය දැඩි ලෙස සවිමත් කරන දහතුන්වන සංශෝධනය එලෙසින්ම පවත්වාගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන්නේ රට දුර්වල කර කෑලි කෑලි වලට කැඩී යාමට පාර කැපීමක්. ලෝකයේ මේ ක්‍රම දෙකම තිබෙනවා. ඒ ඒ රටවල් එය තෝරා ගන්නේ අවස්ථානුකූලවයි.

සාමාන්‍යයෙන් දිවා ආහාරයට අපේ රටේ පුද්ගලයන්ගෙන් සියයට අනුවක්ම ගන්නේ බත්. ඉන් කියවෙන්නේ නැහැ කිරිබත් නරකයි කියලා. බොහෝ දෙනෙක් උදේට කිරිබත් කනවා. නමුත් රෑට කිරිබත් කන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවට අනුවයි කෑම ගැලපෙන්නෙ. රට අනුව තමයි දේශපාලන ක්‍රමයත් ගැලපෙන්නෙ. ශ්‍රී ලංකාව වැනි විවිධ කාරණා මත බෙදුණු, ජාත්‍යන්තර බලපෑම්වලට ලක්වී තිබෙන, රාජ්‍ය නොවන සංවිධානවල ග්‍රහණයට නතු වී තිබෙන, මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන බවට චෝදනා එල්ල වී තිබෙන, රටකට පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා ගැලපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය යැයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා නම් මැතිවරණ ක්‍රමයත් දහතුන්වන සංශෝධනය වෙනස් විය යුතුමයි. නමුත් දැන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට යනවා කියන්නේ අපට දිනාගත හැකි එකම මැතිවරණයත් අහිමි කර ගැනීමයි.

මේ වෙලාවේ ආණ්ඩුවත් කියන්න පුළුවන් ගම්මන්පිල මන්ත්‍රිතුමා කියන කතාව ඇත්ත තමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මැතිවරණය ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි. නැත්නම් අස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට තියන්න සීමා නිර්ණ කොමිසමක් පත් කරමු කියලා.

නමුත් එයින් වෙන්නේ සීමා නිර්ණයට මුවා වී කල් දමන්නට බැරි එකම මැතිවරණය වන ජනාධිපතිවරණයත් අහෝසිවි යාමයි. ජනාධිපතිවරණයත් අහෝසි කරලා පාර්ලිමේන්තු මැතිවරණයටත් සීමා නිර්ණය කොමිසමක් දැම්මහම පාර්ලිමේන්තු මැතිවරණයටත් අබසරණයි. 2025 දක්වා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ කිරිඇල්ල ඇමතිතුමාගේ සිහිනය සැබෑ කිරීමට අපේ පැත්තෙනුත් පාර කපා ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ උගුලට අපි අසුවෙන්නෙ නෑ කියන විශ්වාසය මට තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

133 views

9 Comments to “විධායක ජනාධිපති අහෝසි කරන්න යන පොහොට්ටු නායකයන්ට ගම්මන්පිලගෙන් සැර ටොක්කක්..”

  1. එක්නැලිගොඩ says:

    සහතික ඇත්ත කතාව. විධායකය අහෝසිකරන්න ගිහින් අන්තිමට වෙන්නේ ඒකාබද්ධයයට ජනපති කමත් නෑ ආන්ඩුවත් නෑ අගමැතිකමත් නෑ. අතේ තියෙන විධායකය කටේ දාගන්නේ නැතුව මොනවද මේ නටන්න හදන නාඩගම.

  2. විශ්ව says:

    මේ වෙලේ විධායකය එපා කියල ඒකාබද්ධයේ කවුරුන් හරි කියනවනම් ඔහු ගෝඨාභය විධායක ජනපති වෙනවට අකමැති මහා අවස්ථා වාදීයෙක්. එයාගෙ නම ගම වයස අදාල නෑ. කවුරු කලත් ඒකා අවස්ථාවාදියෙක්.

  3. විධායකය සුරකිමු says:

    යකෝ මේ පොහොට්ටුවේ නායකයන්ට තේරෙන් නැද්ද නැත්නම් ඇහුම්කන් දෙන් නැද්ද ජනතාවගේ හඩට. රටේ බහුතරය දැන් කියන්නේ ගෝඨාභය විධායක ජනපති කරනු කියල මිස විධායකය අහෝසි කරන්න කියල නෙමෙයි. විමලුයි ගම්මයි ඉදලත් මුං මෙහෙම පිස්සු කෙලිනවනම් කවද හරි මේ ඩබල පොහොට්ටුවෙන් ගියොත් මේ ගොං මතවාද කරගහගත්තු පොහොට්ටුව මිනිස්සු ගහල එලවන්නේ.

  4. වන්නි says:

    පොහොට්ටුවෙ එකාල ඊයෙ පෙරේදා මාධ්‍ය හුමවක් තියල උදයට විමල්ට යන්න කිව්වේ එහෙනම් මේකට තමයි. ගෝඨාභය විධායක ජනපති කරන්න කෙලින්ම කතාකරන උදය විමල් එලියට දාල සිරිසේන රනිල් එක්ක එකතු වෙලා විධායකය අහෝසිකරලා රටට කෙලවන්න. ඕවා බැසිලිකාවේ කුමන්ත්‍රණ

  5. siri says:

    You are correct Udaya,selfish people do not want this because they can not win.

  6. ක්‍රිමිනල් says:

    මෙයා ඇනපු ටොක්කට තව පොඩ්ඩෙන් මහින්දට පා.ම පට්ටමත් , මෛත්‍රී ගේ ජනාධීපති පට්ටමට ත් කෙලවෙනවා තව පොඩ්ඩෙන් ! ගෙම්බා අනින ටොකු , විසිල් විතරයි ,බල්ටී නෑ. 🤣🤣🤣 , පඩිපෙලේ පෙරකදොරුවා දන්න උලව්ව.

  7. Aurora says:

    ආණ්ඩුවක් කාලය ඉවරවෙනකොට ක්‍රමය වෙනස්කරන්නේ තියන ක්‍රමයට ළඟ එන මැතිවරණ තමුන්ට දිනන්න බැහැ කියනඑක පිළිගත්ත නිසයි. ඒත් එක්කම තමුන්ට ජනාධිපති වරණයට තරඟ කරන්න බැරිනිසා ජනාධිපති තනතුර අහෝසිකරන්න මහින්ද රාජපක්ෂ මහතා කැමතියි කියන එක තරම් රට බේරාගත් නායකයට අපහාසයක් තවත් නැහැ. මම හිතන්නේ නැහැ එම අපහාසාත්මක කථාව ඇත්ත කරන්න මහින්ද රාජපක්ෂ මහතා කැමතියි කියා. ඔහු බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදාගත් රට අව්රුදු 10 කට පස්සේ බෙදුම්වාදීන්ගේ මතවාදය යටතට පත් නොකරණ බවයි දේශප්‍රේමීන්ගේ මතය.

  8. 8 පාස් says:

    ගෙම්බන්පිල

    • ගමේ සවිය says:

      8 පාස් වුන්ට කොහෙන්ද විධායක ජනාධිපති ක්‍රමයේ වටිනාකම තේරෙන්නේ

Main News