විධායක ජනාධිපති අහෝසි කරන්න ඒකාබද්දය පක්‍ෂයි.. ශ‍්‍රිලනිප ආණ්ඩු පිල නැතත් 2/3 සම්පුර්ණයි..

February 19, 2017 at 10:00 am | lanka C news
විධායක ජනාධිපති අහෝසි කරන්න ඒකාබද්දය පක්‍ෂයි.. ශ‍්‍රිලනිප ආණ්ඩු පිල නැතත් 2/3 සම්පුර්ණයි..

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා සහාය දීම සම්බන්ධයෙන් එකගතාවයක් නැතත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර නව මැතිවරණ ක‍්‍රමයක් ගෙන ඒම සම්න්ධයෙන් වන ව්‍යවස්ථා සංශා්ධන සදහා සහාය දීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් යයි එහි ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

පසුගිය ජනාධිපතිනරණයේදී ප‍්‍රධාන සටන් පාඨය වූවා මෙන්ම එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ අඩංගු ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා තම සහාය ලබා දීමට සූදානම් බව හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතාද අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කර ඇති බව සිහිපත් කල ඔහු ශ‍්‍රිලනිප ආණ්ඩු පාර්ශවයේ ස්ථාවට කුමක් වුවත් මෙම සංශෝධන සදහා පමණක් ඒකාබද්ද විපක්‍ෂය සහාය ලබා දෙන බවත් එමගින් පහසුවෙන් 2/3 බලයකින් විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කර දැමීට හැති බවත් පෙන්වා දුන්නේය.

49 views