විධායක ජනාධිපති ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය අමුඩෙයි-**** වගේ.. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් අමුඩය ගලවනු…- විද්වත් සභාවක සිනා ගගක් මැද විද්වත් දෙසුමක්..
October 27, 2017 at 10:04 am | lanka C news
ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය බල පැවැත්වුණු තත්වයක් තුළ නිසා විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට කවරකු හෝ අපේක්ෂා කරන්නේනම් ඊට පෙර පළාත් සභා අහෝසි කළ යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය අමුඩෙයි-**** වගේ තත්වයකට පත්ව ඇති නිසා විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කළහොත් ප්‍රශ්න ගණනාවක් පැන නගින බවත් රට අස්ථාවර වන බවත් ඒ මහතා පැවසුවේ රජරට වෘතිකයන්ගේ කේන්ද්‍රය අනුරාධපුරයේ සංවිධානය කළ රැස්වීමක ආරාධිත දේශනය කරමිනි.
විධායක ජනාධිපති ක්‍රමයෙන් රටට යහපත් දේ මෙන්ම අයහපත් දේද ලැබුණු බව පැවසූ ඒ මහතා එය අහෝසි කිරීම කළ යුත්තේ සියුම් සැත්කමක් සිදුකරන ලෙස ඉතා ප්‍රවේශමෙන් බව ද පැවසීය.
1987 වසරේදී හඳුන්වා දුන් 13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමුනින් විධායක ජනාධිපති ක්‍රමය මත පදනම් වූ ක්‍රමවේදයක් බවත් දරුවා බිහි වී උස්මහත් වූ පසු එම දරුවා මගින්ම මවගේ ගෙල සිඳලීමේ ආනන්තරීය පාපකර්මයට කිසිවකු හෝ දායක නොවිය යුතු බව ද හෙතම පැවසීය.
පළාත් සභා එලෙසම පවතින විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් අමුතුවෙන් ව්‍යවස්ථා ගෙන ආ යුතු නැති බවත්, එමගින් වසර 200 කට ආසන්න කාලයක් බටහිර රාජ්‍යයන් සහ ජාතිවාදී උගතුන්ගේ ආශිර්වාදයෙන් දෙමළ ජාතිවාදී බලවේග ප්‍රර්ථනා කල පවිටු අරමුණ පරිසමාප්තියට පත්වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන්දියාවෙන් පකිස්ථානය බිහි වූ ආකාරයට සහ කාශ්මීරය ස්වයං පාලනය ඉල්ලන ආකාරයට තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස වෙන්ව යාම වැලක්වීමට, දෙමළ ජනතාවගේ සැබෑ නිජ බිම වන තමිල්නාඩුව වෙනුවට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ව්‍යාජ නිජබිමක් ලෙස නම් කර එම අදහස ඉදිරියට ගෙන ඒමට ඉන්දියානු ඔත්තු සේවය 1960-70 දශකවල සක්‍රීය මැදිහත්වීමක් කළ බවට සාධක ඇති බව ද ඒ මහතා පැවසීය.
ඔබ හරි Dr. ජයසුමන. මේ රටේ දැන් තියන තත්වයට ගැලපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි.. මේ පොඩි රටට පළාත්සභා කියන සුදු අලියාගෙන් කිසිම වැඩක් නැහැ. කලින් තිබුන පරිපාලන ක්රමයම නැවත ගෙනාවොත් සෑහෙන මුදලකුත් ඉතිරි වෙයි. අනවශය ප්‍රශ්නත් නැහැ. එක පාරටම එක කරන්න අමාරු නම් ප්‍රාදේශීය සභාවල බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරලා ප්‍රගතිය බලන්න පුළුවන්. කොයි පක්ෂයත් ප්‍රාදේශීය සභාවලට අඩන්නේ බල තණ්හාවට.
ඔබ හරි Dr. සියලු පළාත්සභා පමණක් නොව ප්‍රාදේශීය සභාද අහෝසි කල යුතුයි.පළාත් පාලනය ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම් වරුන්ට පැවරිය යුතුයි.රට පාලනයට ජනතා චන්දයෙන් පත්වන එක් විධායක ජනාධිපතිපති වරයෙකු හා අමාත්‍යාංශ පාලනයට අදාල ක්ෂේත්රයේ ප්‍රයෝගික හා න්‍යායාත්මක දැනුමක් ඇති (අවම වශයෙන් ආචාර්ය උපාධියක් වත් ඇති)ලේකම් වරුන් පත්කළ යුතු අතර, අමාත්‍යාංශ ප්‍රමාණයද 20 කට සිමා කල යුතුයි.රටට බරක් වන ඇමති මණ්ඩලයක් හා මන්ත්‍රීවරුන් කිසිසේත් අවශ්‍ය නොවනු ඇත.මදකට සිතා බලන්න.ජනතාවට අවශ්‍ය නම් මෙය කල නොහැකිද? කෙතරම් මුදලක් රටට ඉතිරිවේද? මේ ඔබට සිතන්නට …………..?