විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න අගමැති සහ මා ජනපති සමග සාකච්චා කලා..- රවි

August 30, 2019 at 1:20 pm | lanka C news
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න අගමැති සහ මා ජනපති සමග සාකච්චා කලා..- රවි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තමන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවට සහභාගි වූයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව ඇමති මණ්ඩල රැස්වීමෙන් පසුව තමන් හා අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්චාව පැවැත්වූ බවද ඔහු පැවසීය.

විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය දක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඒ සඳහා නම් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ අනුමැතිය අනිවාර්ය බව අගමැතිවරයා සඳහන් කළේ යැයිද කරුණානායක මහතා කියා සිටියේය.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව සත්‍ය බවත් නමුත් එම හමුව සිදුවූයේ ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

51 views

5 Comments to “විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න අගමැති සහ මා ජනපති සමග සාකච්චා කලා..- රවි”

  1. Amarabandu says:

    Janadipathi mahinda rajapakshagen ahanna one na. phottuwe samajikain tika ain karala 19 yatathe sandane lekamta aluthin set ekak parliment ekata aran 2/3 hadanna puluwan

  2. Bold Citizen says:

    Now it seems the whole issue of Sajith’s candidacy is resolved and he will be the undisputed candidate from that camp.. But the drama about the matter seems to be purposely enacted for the reasons well known to themselves and everyone and especially the ‘media’ has become the “Bite” of the directors and producers of this drama..

  3. MD says:

    Kohalla gagath wadura wage UNP eka anagena,jarawatama giya.mahindata kala apahasa wala papaya gewanna patan gatta witarai.

  4. RAYMOND says:

    අවුරුදු හතරක් නිදියලා දැන් ඡන්දය ලග නිසා බොරු වට රඟපාන වා දැන් ඔය හදන්නේ ලගදී පාර්ලිමේන්තු වට බොරු වට යෝජනාවක් ගේන්න දැන් කොහොමද මහින්ද කැමත්ත ගන්නේ ඔය මහින්ද රාජපක්ෂ මහතා ට උගුලක් අටවා දාන්න හදන්නේ

  5. gadol says:

    පැරදෙන නිසා මුන්ට දැන් පිස්සු

Main News