විධායක ජනාධිපති ධූරය අහෝසියි.. ඒ වෙනුවෙන් ජනමතවිචාරනයක්…

January 23, 2017 at 3:14 am | lanka C news
විධායක ජනාධිපති ධූරය අහෝසියි.. ඒ වෙනුවෙන් ජනමතවිචාරනයක්…

විධායක ජනාධිපති ධූරය අනිවාර්යෙන්ම අහෝසි කරන බවත් ඒ වෙනුවෙන් ජනමතවිචාරනයකට වුවත් පැවත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකග වූ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූ බව වෙබ් අඩවියක් මගින් වාර්තා කොට තිබුනි. මේ අනුව එහි හඩ පටය මේ සමඟ පහතින් සවන් දීමට හැකිය.

මෙම සාකච්ඡාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක, මංගල සමරවීර මනෝ ගනේෂන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායන අමාත්‍යවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, චතුර සේනාරත්න, අශු මාරසිංහ, සහභාගි වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෑවසිය.

වෝල්ටර්ස් එජ් හෝටලය දී 22 දා සවස මෙම සාකච්ඡාවා පැවත් වූ අතර මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්ට අමතරව සිවිල් සංවිධාන ක්‍රීයාකරුවන් 100 කට වැඩි පිරිසක් සහභාගි වූ බවත් ඒ සමගම බලය බෙදා හැරිම මැතිවරණය ක්‍රමයේ ද වෙනසක් කිරීමට යෝජනා වූ බව ද දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.

මෙම තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය 2020 ජනවාරි 8 වෙනිදායින් සම්පූර්ණව නිමාවට පත්වීමට නියමිතය. ඒ අනුව ඉදිරියේදී අනිවාර්යයෙන්ම මහා මැතිවරණයක් මගින් ජය ගන්නා පක්ෂයකින් අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනිමට ඉඩකඩ සැලසෙන අතර මෙතන් පටන් පවත්වනු ලබන සෑම මැතිවරණයක් ම ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඉතා වැදගත් වනු ඇත.

මෙම වසරේ පාලත් පාලන ආයතනයන් සඳහා ඡන්දය පැවත්වෙන අතර පලාත් සභා 3 ක මැතිවරණය නිත්‍යානුකූලව පැවත්විය යුතුය, එනම් සබරගමුව. උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා වේ. ඊට අමතරව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන පරිදි ඕනම අවස්ථාවක විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනමතවිචාරනයක් පැවත්වීමට ඉඩ ඇත.

හඬ පටය මෙතනින්

0 views

8 Comments to “විධායක ජනාධිපති ධූරය අහෝසියි.. ඒ වෙනුවෙන් ජනමතවිචාරනයක්…”

  1. ප්‍රගතිශීලියා says:

    ඒ කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බලය දීලා යනවා. ඊට පස්සේ ඊලඟට මැතිවරණට ඉදිරිපත් වන්නේ රනිල්ගේ යූ එන් පි එකයි මහින්ද ජනාධිපතිතුමාගේ පක්ෂය විතරයි ද? එතකොට ඔය ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඇමතිකම් ගත්ත උදවියට මොකද වෙන්නේ?

  2. අත්තනගල්ල චන්ද්‍රසිරි says:

    අපි නම් දන්නවා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වය විධායක ජනාධිපති බලය පෙන්නලා මහින්ද ජනාධිපතිතුමාගෙන් අරන් රනිල් වික්‍රමසිංහ දීලා යනවා කියලා. ඒක තමා එතුමාගේ යු එන් පී එකේ කොන්ත්‍රාත්තුවප් චන්ද්‍රිකා මැඩම්ටත් ඕන උනේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් පලිගන්න.

  3. ජයදේව says:

    රාජිත සේනාරත්න තියෙන බලය මොකක්ද මෛත්‍රී ජනාධිපති තුමා වෙනුවෙන් මේ විදියට තීරණ ගන්න. මොනවා උනත් එතුමා මහජන ඡන්දයෙන් පත්වුන විධායක ජනාධිපති නේ. එතුමා ඊලඟට එන්නේ නැත්නම් එතුමා විසින් ජනතාවට කියයි. ඇයි මේ තෝල්කයෝ.

  4. සමයවර්ධන says:

    ඇයි මෛත්‍රී ජනාධිපතිතුමාට හිතෙන් නැත්තේ අපේ පොදු ජනතාවගේ පක්ෂය නැවතත් මහින්ද මහත්තයාට දෙන්න, මේකත් වෙන්දේසියේ යූ එන් පී කාරයොන්ට විකුණලා දාන්නේ නැතිව.

  5. asaranaya says:

    කණු කටා දින 100 වකවානුවේ සිට ඔය බයිල ය කියනවා, හපොයි! ජරා කටේ ගඳ, උන් ඔක්කොම බයයි ඊලඟ චන්දෙදි උන් ඔක්කොම ගෙදර, ඌ සමලින්ගික වැඩේ , ගැණි ගණිකා වුර්තියෙ, marune dha macho!

  6. ExUNPer says:

    This was well and firmly decided in last presidential election !

  7. Karu Jayasuriya says:

    විදයක ජනාදිපතික්‍රමය නිසා ලාන්කාව ඒකිය රටක් විදිහට තියනවා. දෑන් තිබෙන තත්වය අනුව ඒ ක්‍රමය නෑති වුනොත් හෑතපුම් විස්සක් පමන ඈතින් තිබෙන තමිල් නඩුවෙ බලපෑම මත නවත වෙන්ව්මෙ අවස්තව ඉතා වෑඩීඉ.

    • Upali says:

      අනේ පව් ඔයා. ඔය ටොයිලට්නාඩුවට බයේද අපි ඉන්න ඕන.

Main News