විධායක ජනාධිපති බලතල සම්පුර්ණයෙන් ඉවත් කරනවා.. හිටපු ජනාධිපති මට කතා කර විවිධ වැඩ කියනවා..

November 16, 2016 at 3:50 pm | lanka C news
විධායක ජනාධිපති බලතල සම්පුර්ණයෙන් ඉවත් කරනවා.. හිටපු ජනාධිපති මට කතා කර විවිධ වැඩ කියනවා..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වාර්ෂික සැසිවාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී අද (16) පෙරවරුෙවි පැවැත්විනි.

මෙම උත්සවයේ මුලසුන හෙබ වුයේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුෙවි ආනන්ද හිමියන් විසිනි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සංවත්සර උත්සවවලට මම වෘත්තීය සමිති නායකයෙක්, පාර්ලිෙමින්තු මන්තී‍්‍රිවරයෙක්, අමාත්‍යවරයෙක් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නොවරදවාම සහභාගි වුනා. එම නිසා මුරුත්තෙට්ටුෙවි ආනන්ද හිමියන්ටත් මටත් දිර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඡේ.ආර් ජයවර්ධන මහතාගේ කාලයේ දැඩි භීෂණයක් රට තුල පැවැති අතර ඊට අපි දෙදෙනා එකට මුහුණ දුන්නා. හෙද හෙදියන් මාස 03 ක් වර්ජනය කළ අතර, අපි ඒකාබද්ධව එම වර්ජනයට විසදුම් සෙවීමට කටයුතු කළා.

වත්මන් යහපාලන රජය බලයට පත්ව තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රටේ ජනාධිපතිවරයා බවට පත් වුනා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් රැසක් මෙම අමාත්‍ය මණ්ඩලයේ සිටිනවා. රංජිත් අතපත්තු මහතා පමණයි අමාත්‍ය මණ්ඩලයේ නැත්තේ. ඡේ.ආර් ජයවර්ධන මහතාගේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවට එරෙහිව අපි සටන් කළා. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති තනතුරේ දිර්ඝකාලීනව ඉන්න බැලුවා. නමුත් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම බලතල ඉවත් කර ගත්තා. බලතල පූජා කළා. අනුන්ගේ බලතල තමන්ට ගන්න බැලුෙවි නැහැ. අද ජනාධිපතිවරයාට විරුද්ධව පාර්ලිෙමින්තුෙවි දී මෙන්ම පිටත දීත් කථා කරන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ සෙසු බලතල ද අහෝසි කිරීමට රජය සුදානම්. ඒ සදහා නීති කෙටුම්පත් සකස් කරමින් සිටිනවා. පාර්ලිෙමින්තු මැතිවරණ ක‍්‍රමයත් අහෝසි කිරීමට කටයුතු කරනවා. මමත් ආනන්ද හාමුදුරුවොත් මෙම සටන්පාඨ දෙකට තමයි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග මෙන්ම තවත් මහ මඟ සටන් සිදු කළේ. මම එම වැඩපිළිවෙලට දායකවෙලා සිටිනවා. නමුත් ආනන්ද හාමුදුරුවෝ තමන් සිදු කළ සටනට ෙමි වනතුරුත් දායක වෙලා නැහැ. උන්වහන්සේ මෙම අරගලය දියත් කළේ දරුණු භීෂණයක් මැද. ආනන්ද හාමුදුරුවොත් මමත් සිටින්නේ මැදිවිියේ.

ආනන්ද හාමුදුරුවෝ ජාතික නායකයෙක් වුනේ සටන් තුළින්. ප‍්‍රාර්ථනා ඉෂ්ඨ කර ගැනීමට රැස්වීම් තිබිය යුත්තේ අපිත් සමගයි. වෙන අය සමග රැස්වීම් පැවැත්වීමෙන් ප‍්‍රාර්ථනා ඉටු වන්නේ නැහැ. වෙන අය පෝෂණය කිරීමට කටයුතු කරන්න එපා. ඔබ වහන්සේට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. එය ඔපදැමිය යුුතුයි. මුරුත්තෙට්ටුෙවි ආනන්ද නාමයට මම ආදරෙයි. මොකද සටන්කාමිී භික්ෂු චරිතයක් නිසා. එම කාර්යභාරය ඉටු කරන්න හෙද සංගමයේ කීර්ති නාමය ආරක්ෂා කර ගන්න. අපේ සටනට එක්වන්න කියා මම ඉල්ලා සිටිනවා. සාකචිඡ මාර්ගයෙන් ප‍්‍රශ්න විසදා ගමු. මම සාකචිඡවලට අභයාරාමයට වුනත් එන්න සුදානම්. මිත‍්‍රකම් තියාගන්න. හිටපු ජනාධිපතිවරයා මගෙත් මිත‍්‍රයෙක්. මට දුරකථන ඇමතුම් ලබාදීලා එක එක වැඩ පවරනවා. ඒවත් මම කරලා දෙනවා. එම නිසා අපේ සටන සමග එක්වන්න කියා මම මුරුත්තෙට්ටුෙවි ආනන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

– නිපුන් ඒකනායක

9 views

6 Comments to “විධායක ජනාධිපති බලතල සම්පුර්ණයෙන් ඉවත් කරනවා.. හිටපු ජනාධිපති මට කතා කර විවිධ වැඩ කියනවා..”

  1. Rohan says:

    Hard to believe this guy is telling the truth. Mahinda won’t ask anything from this idiot.

    • alaya says:

      පුහ් …… මු මැදි වියේලු ……එහෙනං අපි තොත්ත බබාලා නාකියෝ

  2. Sam says:

    That is the most foolish thing this govt can maithree can go enough maithree being stupid he should realise this is what the spineless ranil is aiming at

  3. KGB says:

    Rohan, you are correct, This WASALAYA done nothing, telling noncence always. One of highly dangerous devil.

  4. Sihala Yaka - සිහල යකා says:

    කලොත් වැඩක් හොර කමක්
    කට ඇරියොත් පල් බොරුවක්
    මෙහෙම උන්ව ලං කරගත්
    හැම ට වෙන්නෙ වැනසුමක්

    • කානු කටා says:

      100% එකඟයි. මූ සහ අලපාලු පා.ච. තියාගෙන මහින්ද නැති උනෙත් ඒකයි. 100% විශ්වාසයි මුට කවමදාකවත් මහින්ද කතා කරන්නේ නැහැ කියලා. මූ හදන්නේ ආයෙත් මහින්දට සෙට් වෙන්න ක්‍රමයක් හොයන්න.

Main News