විධායක බලයෙන් අගවිනිසුරු ඉවත් කලා.. – ව්‍යවස්තාවෙන් කල නොහැකි දෙයක් දෙයක් තමන් කල බව ජනපති ප‍්‍රසිද්ධියේ කියයි..

February 17, 2017 at 9:20 am | lanka C news
විධායක බලයෙන් අගවිනිසුරු ඉවත් කලා.. – ව්‍යවස්තාවෙන් කල නොහැකි දෙයක් දෙයක් තමන් කල බව ජනපති ප‍්‍රසිද්ධියේ කියයි..

තමන් ජනාධිපති වූ පසු පළමු වරට විධායක බලය භාවිතා කළේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීම සදහා යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ වරකාපොලදී පැවති උත්සව සභාවක් අමතමිනි.

‘ජනවාරි නව වැනි දා මම ජනපති ලෙස දිවුරුම් දුන්නා. ඊට පසු දින රාත්‍රී නවයට දහයට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා සිටි ලොක්කා මා හමුවෙන්න ආවා. මාව අයින් කරන්න යනවා සර්. මාව අයින් කරන්න එපා. සර්ට ඕන විදියට මම වැඩ කරන්නම්.
කියා ඔහු කිව්වා. අගවිනිසුරු ඉවත් කිරීමේ තීරණයක් නැහැයි කියා ඔහුට පිටව යන ලෙස දැනුම් දුන්නා. ඊට පසුදින ඔහු යළිත් මා හමුවීමට පැමිණියා.
සර් මාව ඉවත් කරන්න යනවා. මාව අයින් කරන්න එපා. සර්ලට ඕන විදියට මං වැඩ කරන්නම් කියා ඔහු දෙවැනි වතාවටත් කිව්වා.
මම ඒ වෙලාවේ තේරුම් ගත්තා ඒ කාලේ මෙයාලා කොහොමද තීන්දු දුන්නේ කියලා. එනිසාම මම තීරණය කළා මොහු ඉවත් කළ යුතු බව. මම ප්‍රථම වරට විධායක බලය භාවිතා කළේ ඔහු ඉවත් කිරීම සඳහායි’ යයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය ගැන අදහස් දක්වමින් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ඉහලම පෙලේ නීති වේදියෙක් කියා සිටියේ අගවිනිසුරුවරයා ඉවත් කිරීමේ හැකියාවක් විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් නැති බවයි.

අගවිනිසුරු පත් කිරීම විධායකයෙන් කල යුතු වුවත් අගවිනිසුරුවරයා තමන් විසින් ඉල්ලා අස් වීමක් හෝ ධුර කාලය හමාර වීමෙන් තොරව ඉවත් කල හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරන දෝෂාභියෝගයකින් පමණක් යයිද ඔහු සදහන් කලේය.

එවන් තත්වයකදී ජනාධිපතිවරයා විසින් කරන ලද මෙම ප‍්‍රකාශය තමන් විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බව පිලිගැනීමක් බවත් එයම දෝෂාභියෝගයකට හොදටම ප‍්‍රමාණවත් බවත් වැඩි දුරටත් සදහන් කලේය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මෙතනින්

138 views
Main News