විධායක බලය ඉවතට… රට තුල බලය බෙදන නව ව්‍යයවස්ථාව ලගදීම.. නව ව්‍යවස්ථාවේ කරුණු නොකියන්නේ ප‍්‍රශ්න ඇති වෙන නිසා..

October 17, 2016 at 3:00 pm | lanka C news
විධායක බලය ඉවතට… රට තුල බලය බෙදන නව ව්‍යයවස්ථාව ලගදීම.. නව ව්‍යවස්ථාවේ කරුණු නොකියන්නේ ප‍්‍රශ්න ඇති වෙන නිසා..

ව්‍යයවස්ථා සoශෝධන කමිටු ගන්නා ලද තීරණ එලි නොදක්වන්නේ රටේ දේශපාලන පක්ෂ එම කරුණු තම දේශපාලන වාසි වෙනුවෙන් යොදාගෙන රට තුල අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන නිසා බැව් දෙමළ ජාතික සoධානයේ යාපනයේ දිස්ත්‍රික් මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීම අමතමින් වව්නියාවේදිය.

ඉදිරි මාස දෙක තුල නව ව්‍යයවස්ථා සoශෝධන මූලික කෙටුම්පත එලි දැක්වීමට හැකි වෙතයි අපේක්ෂා කරන මන්ත්‍රීවරයා එහි වර්තමාන ජනාධිපතිවරයාට හිමි විධායක බලතල ඉවත්කොට රටතුල බලය බෙදන නව මැතිවරණ ක්‍රමයක් සහිත නව ව්‍යයවස්ථා බවද මේ සඳහා තම පක්ෂය වෙත පවරන ලද වැඩ කටයුතු වලින් 90% පමණ නිමකොට ඇති බවත් ඔහු තවදුරත් පැවසීය.

17 views
Main News