විධායක බලය එජාප බලයට යටවේ.. කැබිනට් සංශෝධනය කල් යයි..
March 28, 2017 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් දැඩිව විරෝධය දැක්වීම හේතුවෙන් සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය කල් දමා තිබේ.
කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් හවුල් ආණ්ඩුව පිහිටුවීමේදී එජපාය හා ශ්රීලනිපය අතර අත්සන් තබන ලද ගිවිසුම හේතුවෙන් පක්ෂ දෙකේ ප්රබලයන් අතර මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබේ.
ඊයේ පස්වරුවේ ශ්රීලනිප මහ ඇමතිවරුන් හමු වූ අවස්ථාවේදීද ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ කැබිනට් සංශෝධනය අලූත් අවුරුද්දට පසු සිදු කරන බවකි.