විධිමත් ලෙස නව ව්‍යවස්ථාව අනුමත කරනවා.. වැරදි නම් ජීවත්ව සිටින තුරු අත්සන් නොකරමි..- කථානායක කියන්නේ එහෙමද

October 23, 2017 at 8:40 am | lanka C news
විධිමත් ලෙස නව ව්‍යවස්ථාව අනුමත කරනවා.. වැරදි නම් ජීවත්ව සිටින තුරු අත්සන් නොකරමි..- කථානායක කියන්නේ එහෙමද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව පැහැදිලි සඳහන් වනුයේ: “කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් සහතිකය නිකුත් කල පසුව කෙටුම්පතක් නීතියක් බවට පත්වන බවයි. එමෙන්ම ඒම සහතිකය නිකුත් කල පසුව අදාළ පනත සම්බන්ධව කිසිම අධිකරණයකට හෝ විනිශ්චයකට භාජනය කිරිම ඒ සම්බන්ධව විමර්ශනය කිරිමට හෝ ඊට අදාළව ප්‍රශ්න කිරිමට නොහැකි මෙන්ම එසේ කිරීමේ වලංගු භාවයක් ද නොමැති බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් “පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% තිබිය යුතුය” යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇත.

ඉහත ආකාරයෙන්ම නව ව්‍යවස්ථාවක් ද ජනතාව නොමග යවා අනුමත කොට ගෙන කථානායකවරයා ගේ සහතිකය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැව් ආරංචි වීමෙන් පසුව මීරිගම පැවති ආගමික උත්සවයකදි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ එවෙනි ආකාරයෙන් නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත කලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව ඒ සඳහා අවශ්‍ය කථානායකවරයා විසින් සහතිකය නිකුත් නොකරන බවයි.

මින් අදහස් කරනුයේ පසුගිය දා “පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% තිබිය යුතුය” යන කෙටුම්පක් ජනතාව නොමග යව දෝෂ සහිතව අවධිවමත් අන්දමින් අනුමත කිරීමක් විය හැකි බවත් එමෙන්ම ජනතාව නොමග යවා එසේ අනුමත කරගත් නීතියක් නිසා පලාත් සභා මැතිවරණය කල් යෑමට එරෙහිව ජනතාව මූලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාගැනීමට තිබු අවකාශ ඇහිරෙනු ඇති බවත් එමෙන්ම මින් ඉදිරියට හෙතෙම කථානායක ලෙස එවෙනි ක්‍රියාවක් නොකරන ඇති බවටත් යයි මත පලවෙයි.

99 views

20 Comments to “විධිමත් ලෙස නව ව්‍යවස්ථාව අනුමත කරනවා.. වැරදි නම් ජීවත්ව සිටින තුරු අත්සන් නොකරමි..- කථානායක කියන්නේ එහෙමද”

  1. Samarapala says:

    තරගයේ පළමු ඉනිමේදී හිට් විකට් වීමෙන් හා දියණිය අහිමිවීමේ මානසික කම්පනයෙන් දෙවෙනි ඉනිමේදී පන්දුවට තට්ටු දැමීමට යාමෙන් ඉනිම අවසානයේ ලකුණු රැස්කර නොමැති වීමෙන් කණ්ඩායමෙන් ඉවත් කරන ලද නිසා ක්‍රීඩාවට සමුදීමට සිදු විය.

Main News