විනය පරීක්‍ෂා කරන්න අපරාධ නඩුවක විත්තිකාරයෙක් දමලා.. සනත් නිශාන්ත ශ‍්‍රීලනිප මහ ගෙදරට ගොස් අඩි හප්පා එයි..[Video]

April 2, 2017 at 3:50 pm | lanka C news
විනය පරීක්‍ෂා කරන්න අපරාධ නඩුවක විත්තිකාරයෙක් දමලා.. සනත් නිශාන්ත ශ‍්‍රීලනිප මහ ගෙදරට ගොස් අඩි හප්පා එයි..[Video]

තමනට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කැදවා ඇති විනය පරීක්‍ෂණයේ විනය මණ්ඩලයේ සභාපති ධුරය දරන්නේ මහාධිකරනයේ විභාග වන මුල්‍ය අපරාධ නඩුවකත් මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන අල්ලස් නඩුවකත් විත්තිකරුවෙකු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපලා සිරිසේන මහතා පක්‍ෂ සභාපති ලෙස පිලි ගන්නේ නැති බව පැවසීම හේතුවෙන් පැවති විනය පරීක්‍ෂණය හමුවේ පෙනී සිටීමට ඊයේ දිනයේ ශ‍්‍රිලනිප මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

මහාධිකරණයේ විභාග වන HC/7806 දරණ අපරාධ නඩුවේත් මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන MC/23021 දරණ අල්ලස් නඩුවේත් විත්තිකරුවෙකු වන චම්පානි පද්මසේකර නැමැත්තා තමන්ගේ විනය පරීක්‍ෂා කරන්නට පැමිනීම මෝඩයාගේ දිනයේ කරන ලද විහිළුවක් යයිද ඔහු සදහන් කරයි.

377 views
Main News