විනාඩි දහයක සරල උත්සවයට රුපියල් හැටපන් ලක්‍ෂයක් වියදම්..

April 23, 2017 at 12:15 am | lanka C news
විනාඩි දහයක සරල උත්සවයට රුපියල් හැටපන් ලක්‍ෂයක් වියදම්..

රජයේ ආයතනයක් සදහා නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීම සදහා කොළඹදී පැවති උත්සවයකට රුපියල් ලක්‍ෂ 65ක මුදලක් වැය කර ඇති බව වාර්තා වෙයි.

මෙම ගොඩනැගිල්ල චීන රජයේ මුල්‍ය ආධාර යටතේ ඉදිකෙරෙන අතර උත්සවයේදී චීන හා ශ‍්‍රී ලංකා ජාතික ගී ගායනා කිරීම පමණක් සිදුව ඇත.

මේ සා විශාල මුදලක් වියදම් කර ඇත්තේ උත්සව සභාව, ආරාධනා පත‍්‍ර, උත්සව සංවිධාන කටයුතු සදහායි.

රටේ ඉහල බලවතෙක් හා අදාල අමාත්‍යංශයේ ඇමතිවරයා මෙම උත්සවය සදහා සහභාගී වී ඇත.

14 views
Main News