විනාඩි 10යි.. කොරෝනා විනාශයි… අලුත් මැෂින් එක ලෝකයටම නොමිලේ දෙනවා…- ලාංකික ඉංජිනේරුවා කියයි..

April 10, 2020 at 2:10 pm | lanka C news
විනාඩි 10යි.. කොරෝනා විනාශයි… අලුත් මැෂින් එක ලෝකයටම නොමිලේ දෙනවා…- ලාංකික ඉංජිනේරුවා කියයි..

COVID -19 හෙවත් නව “කොරෝනා වෛරසය වැළදුන රෝගියකුගේ ශරීරයේ පවතින විෂබීජ විනාශ කළ හැකි කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව යන්ත්‍රයක් ‘’ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන ශ්‍රීරි ලාංකික මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා විසින් නිශ්පාදනය කර තිබේ.

කොරෝනා වෛරසය විනාශ කළ හැකි මෙම යන්ත්‍රය පරීක්ෂා කර මෙහි සාර්ථකත්වය බලා ගැනිම සදහා අවශ්‍ය රසායනාගාර පහසුකම් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් මැදිහත්ව කඩිනමින් සහයෝගය ලබා දෙන ලෙසත් එසේ වුවහොත් ලක්ෂගණනක ජීවිත බේරා ගැනිමට හැකිවනු ඇතැයිද ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා පවසයි.

මේවනවිට ශරිරය මතුපිටේ හා පරිසරයේ පවතින විෂබීජ විනාශකළ හැකි දේ සොයා ගෙන තිබෙන අතර මෙතෙක් ශරීරයක් තුළ පවතින විෂබිජ විනාශ කරලිමට යන්ත්‍රයක් සොයා ගෙන නොමැත.කොරෝනා වෛරසය චිනයේ ව්‍යාප්ත විමට ආරම්භ විමත් සමග මෙයට ඉංජිනේරු ක්ෂේත්‍රය සම්බන්ධව පිළියම් සෙවිම සදහා මාස කිහිපයක් පුරා විශාල අධ්‍යනයක් සිදු කිරීමෙන් පසුව මෙම යන්ත්‍රය නිශ්පාදනය කර තිබේ.

මේ වනවිට නව සොයා ගැනිම් රැසක් සිදු කර ඇති ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා(42) මහතා කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි.ඔහු විසින් නිශ්පාදිත කොරෝනා විෂබිජ මිනිස් ශරීරයෙන් විනාශ කළ හැකි යන්ත්‍රය පිළිබදව මෙලෙස පවසා සිටියාය.

මෙම යන්ත්‍රයට පළමුව කොරෝනා වැළදුන රෝගියකුගේ රුධිර සාම්පල් එකක් රැගෙන, එම රුධිර සාම්පල් එක වෛද්‍ය පරීක්ෂණ සිදු කර වෛරසය කොපමණ ප්‍රතිශතයක් තිබෙනවාද කියා පරීක්ෂා කර බලනු ලබනවා.පසුව එම රුධිර සාම්පල් මෙම යන්ත්‍රයට දමා පැයක පමණ කාලයක් තබා යළි රුධිර සාම්පලය පරීක්ෂා කර බලනවා එහි කෙතරම් කොරෝනා වෛරසය පවතිනවාද කියා.කොරෝනා වෛරසය නැහැ කියන්නේ මෙම යන්ත්‍රය සියයට සීයක් හොඳයි කියන එක.නමුත් සමහර වෙලාවට මෙහිදි කොරෝනා වෛරසය සම්පුර්ණ විනාශ නොවී සියයට අසුවක් පමණ විනාශ වෙන්න පුළුවන් එවිට යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය හොදයි අපට තිබෙන්නේ එහි කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කිරීමට පමණයි.

ලෝකයේ සියළු දෙනා යම් රෝගයක්,වෛරසයක් වැළදුනවිට එයට විසදුම් සොයන්නේ ජීව විද්‍යාව පැත්තෙන්.නමුත් ඉංජිනේරු ක්ෂේත්‍රය පැත්තෙන් මේවාට පිළියම් සොයා ගත හැකිද යන්න අවධානය යොමු කරනවා අඩුයි.ඒ නිසා මම පෙළඹුනේ මේ වෛරසයට පිළියමක් සොයා ගන්න.කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්ත වීමට ආරම්භ විමත් සමග මෙයට පිළියම් සෙවිමට මාස කිහිපයක් විශාල අධ්‍යනයක් මා සිදු කළා. භූගෝලිය ලක්ෂණ,එදිනෙදා ජිවිතයේ අපට හමුවන දේවල් පිළිබදව ලොකු අධ්‍යනයක් සිදු කළා.යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් රෝග නිවාරණය කළ හැකි සම්භාවිතාව, චුම්භක ක්ෂේත්‍රයේ පවතින උත්‍රරත්ද්‍රවය,දක්ෂිණත් ද්‍රවය තිබෙනවා, එහි උත්තරද්‍රවයේ මේ වගේ වෛරස් තිබෙනවාද,මේ වගේ වෛරස් ඇති වෙන්න පුළුවන්ද, ඇයි උත්තරත් ද්‍රවයේ මේවගේ වෛරස් ඇති වෙන්නේ නැත්තේ,මොනවගේ වෛරස්ද පවතින්නේ ,ඒවා ඇතිවීමට හේතු ඒ පිළිබදව ලොකු අධ්‍යනයක් සිදුකර මේ යන්ත්‍රය නිපදවා ලනු ලැබුවා.

”මෙය සාර්ථක වුවත්හොත් වැඩි දියුණු කර ඇඳක් ලෙස සකසා එහි විනාඩි දහයක(10) පමණ කාලයක් නිදාගෙන සිට නැගිටීමෙන් පසුව ශරීරයේ වෛරසය විනාශ කළ හැකියි. මේ හරහා පැයට රෝගින් හය දෙනෙකු(06) පමණ සුව කර ගැනිමට හැකියාව පවතිනවා.මෙය සාර්ථකවුව හොත් ලෝකයටම නොමිළේ ලබා දීමටත් බලාපොරොත්තු වනවා.”

– mawbima

534 views

36 Comments to “විනාඩි 10යි.. කොරෝනා විනාශයි… අලුත් මැෂින් එක ලෝකයටම නොමිලේ දෙනවා…- ලාංකික ඉංජිනේරුවා කියයි..”

  1. sena says:

    ලක්දෙරණේ මේ වටිනා මුතුකැට මතුකරගත්තු කොරොනා දේවයන් වහන්සෙට පිං දේමි

    • Damayanthi Gamage says:

      All the best.keep it up.👍

      • kamal says:

        අනුමානයක් නැහැ මේකා ඩුබායිවල කකුස්සි හෝදන එකෙක් වන්න ඇති….පත්තරේ නම දාගන්න කරපු දෙයක් වෙන්න ඇති…! යකෝ හදපන්කෝ ඔය රටෙන් ලංකාවට කුඩු එවන එවුන් අල්ලන්න එකක්..!

        • mp says:

          Dude… Seriously..???

        • දේශපාලුවා says:

          රුධිරයේ කොරෝනා වෛරස් අන්ශු නැහැ

        • ❤💙💚💛💜 says:

          kamal uba pissek wunath ,methanadi nam uba yam durakata hari kkya math hithanawa.mokada me yanthrayen karanawa kuyanne le wala wisha beeja marana eka .nsmuth corona waladi le wala newe pebahalu saha swasana paddathiye wisha beeja ras wenne

        • AK47 says:

          නව නිපැයුම් වලට ගරහන, ඇති පණ්ඩිත මාන්නයෙන් ඉදිමුණු මිනිසුන් සමහර රට වල එච්චර නැහැ.
          එම නිසා එම රටවල් නව නිපැයුම් කරලා දියුණු වෙනවා.

  2. Anti Corona says:

    විවිධ අදහස් ඇති මිනිස්සු, විවිධකාඅර විදිහට හිතන්ඩ පටන්ගෙන ඇත….ජය වේවා..

  3. wasthi says:

    Good attempt. So how to the kill the corona virus in entire body ? Is that similar to a technique used by Dialysis machines ? not clear the method. Please explain.

  4. welldone says:

    Gono dont give it out for free. Sell it for a reasonable price. Bring some money back to our country when we need the most. We can afford to feed the hungry in our country and save the businesses got crumbled. It is not unethical when you help save the world at the same time feeding the poor in our country. You win twice… you do more good.

    Congratulations on your invention though.

  5. Nalakapissa says:

    Best of luck if it’s real. But it sounds like a fantasy.

  6. සමන් says:

    ඉතාමත් හොදයි. රජය මේ ගැන හොයා බලල, වැඩිදියුනු කරල ගත්තනම් හරි. ලංකාවෙ මිනිස්සු ඕක ලංකාවට නුසුදුසුයි කිව්වොත්, හිත වට්ටගන්නෙ නැතුව වටිනාකම තේරෙන වෙන රටකට හරි දෙන්න. පේටන් ඒකත් ඉක්මනින් ගන්න.

  7. Dev says:

    Interesting approach. But the challenge is prove that the human body is not damaged with this.

  8. nim says:

    wow pl check this

  9. Kavindu says:

    ඕවා හොදයි පොහොට්ටුවේ ඉන්න කෝමරිකා සැමන් පරිප්පු බොරතෙල් බයියන්ට ….කලිනුත් මුන් කිව්වා ගුවන් තොටු පොලේ මැශින් එකක් හයි කරලා තියනවා කියලා.ඒක උඩ දාගෙන මුන්ගේ දෙරණ ,හිරු නිව්ස් වල පට්ට ගහ ගහ පෙන්නුවා කොරෝනා දැන් රටට එන්නේ නෑ කියලා.දැන් ඉන්න එව්න් අවේ මත්තල හරි යාපනේ හරි ගුවන් තොටුපොළවල් වලින් වෙන්න ඇති.මුන් ඔක්කොම එදා වේල හොයාගන්න නෙව්ස් දානවා අපි බලන් ඉන්නවා.උන්ගෙම සෙට් එක එකතු වෙලා මේවා හරි ශෝක් කිය කිය කොමෙන්ට්ස් දානවා.මේකේ ඉන්න බය්යොත් ඔවට රැවටෙනවා.ඉස්සෙල්ලා දැනට කන්න බොන්න නැති එව්න්ට ගමේ ග්‍රාම නිලධාරී හරි අල්ලලා බඩු ටිකක් බෙදපන්.ඒකෙන් ඔයිට වඩා වැඩක් තියනවා මිනිස්සුන්ට.

    • ඕනැම නිර්මාණයක් තත්ව පරීක්ෂා validate කිරීමට පෙර මාධ්‍යට මුදා හැරීමෙන් වෙන්නෙ ජනතාව විනාඩි ගනනකට කුල්මත් වීම පමනයි..
      මේකෙ mechanical theory එක හරි ඇති..හැබැයි clinical තත්ව වල කොයි තරම් සාර්ථකද කියා අත් හදා බලන තුරු උදම් අනන ර්ක අනුවන ක්‍රියාවක්…

    • alapalu ranawaka says:

      UMBA MAARA TOIYEK NE. ATHAGALA BALAPAN ETA DEKA THIYENAWADA KIYALA.

    • Para Perera says:

      Exactly right.

    • nimalsiri says:

      anna hari kavindu.oya hiru,derana,kiyana TV kaarayo geniyannema boruwa.aanduwe ewunta puka deegena,
      jaathivaadaya aagamvaadaya pathuranawaa misak thopige kunu baaldi TV valin janayaata ho ratata ethi kisima
      wedak netha.

  10. Don kannangara says:

    Great news for IQ70 people

Main News