විනාඩි 25ක සරල උත්සවයක් ජනාධිපති කාර්යාලයේදී..

September 2, 2020 at 6:48 pm | lanka C news
විනාඩි 25ක සරල උත්සවයක් ජනාධිපති කාර්යාලයේදී..

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

විනාඩි 25කට සීමා වූ සරල උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට රජය තීරණය කළේය.

අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ වෙති. රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ භාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.

පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කෙරෙති.

වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය සේවයට වැටුප් උපයාදෙන කෘෂි සහ ධීවර වැනි ක්ෂේත්‍රවල නිරත ජනතාවට බරක් නොවී තමන් ලබන වැටුපට සාධාරණය ඉටුකරන්නැයි එතුමා අවධාරණය කළේය.

තම වෘත්තියේ ඉදිරි ගමන උදෙසා පශ්චාත් උපාධි, පරිගණක පුහුණුව සහ අදාළ ක්ෂේත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම්ලාභීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු හා ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් ද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

43,886 views

5 Comments to “විනාඩි 25ක සරල උත්සවයක් ජනාධිපති කාර්යාලයේදී..”

  1. Anagarika says:

    Can the govt recruit the same number every year when new graduates and diplomates come out. If so, where are these govt jobs? Perhaps manual jobs will be there but are they acceptable to these highly educated lot!

  2. ඉක්කා says:

    යහපාලන සමයේ 2018/2019 කාලයේදී එජන්සියේ එක දිගටම මීටින්, මීටින්, මීටින්. වැඩ නෑ. පොලිසි හදනවා, මිසොන් හදනවා, ඇක්සන් ප්ලෑන් හදනවා.වැඩ නෑ. මේ අය දැනටත් ඉන්නවා මේකම තමයි වැඩේ. ජොලි නේ.

  3. Banda says:

    Take another loan to pay their salaries.

  4. ගරසරප says:

    225 එපා. පර්මිට් එපා. කෑම දෙන්න එපා. කියන උන් එකෙක් කට ඇරියද මේකට විරුද්ධව . මේ 50,000 ඉන්න ඔපිස් දෙන්න කීයක් වියදම් ද? කවුරුත් මේ මහ දවල් වෙන මංකොල්ලය ගැන කතා නැත.

  5. සැඩපරුස says:

    පුදුම කාළකණ්ණි පිරිසක් ඉන්න කරුම රටක් අපේ මව්බිම.
    වැඩක් කරගෙන යනකොටත් බණිනව, අඩුපාඩු විතරක් හොයනව. රිදිල තියෙන්නෙ කුඩු, පාතාල, ගොමපාලන කෙරුමන්ට වඩා උංගෙ වහල්ලුන්ට.

Main News