විනිසුරුගේ ආරක්ෂකයා මරා දැම්මාට විරෝධය.. අද උතුරේ බස් ධාවනයෙන් ඉවත්වෙයි.. නීතීඥයින් අධිකරණ වර්ජනයේ..
July 24, 2017 at 6:38 am | lanka C news
යාපනය මහාධිකරණ විනිසරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද දිනයේදී උතුරු පලාතෙ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බවටත් යාපනයේ සියලුම නීතික්ඥවරුන් අධිකරණ කටයුතු වලින් ඉවත් වීමටත් පියවර ගෙන ඇත.
මහාධිකරණ විනිසුරු වරයාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීම හෙලා දකිමින් අදාල වරද කරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දිනයේදී උතුරු පලාතේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් කියා සිටියි.
මේ අතර ඊයේ (23) සවස යාපනය අධිකරණයේදී යාපනයේ නීතික්ඥ වරුන් පිරිසක් රැස්ව පැවති සාකච්ඡාවකින් තීරණය කර තිබුනේද මහාධිකරණ විනිසුරුගේ වෙඩි තැබීමට විරෝධය පා අද දිනයේදී සියලු නඩු කටයුතු වලින් ඉවත් වන බවටයි.