විනිසුරු ගියාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි නීතීඥයන් විරෝධතා..

February 14, 2020 at 8:40 am | lanka C news
විනිසුරු ගියාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි නීතීඥයන් විරෝධතා..

ඇඹිලිපිටිය මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත් අඩංගුවට ගැනීම සම්බන්ධව විරෝධය දක්වමින් ඇඹිලිපිටිය නීතිඥ සංගමය 13  දහවල් විරෝධතාවයක් කරන ලදී.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අසලින් ආරම්භ කෙරුණු විරෝධතාවය ඇඹිලිපිටිය නව නගර මාර්ගයේ පාසල් හන්දිය පසුකරමින් ඇඹිලිපිට කරමින් ඇඹිලිපිටිය නගරයට පැමිණ ඇඹිලිපිටිය නගරයේ බස්නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවය දක්වන ලදී.

මෙම විරෝධතාවය සඳහා ඇඹිලිපිටි නීතිඥ සංගමය නියෝජනය කරන නිලධාරීන් මෙන්ම සාමාජිකයන් බොහෝ දෙනෙක් සහභාගී වී සිටිනු දක්නට හැකිවිය. ඔවුන් බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පවසමින් විරෝධතාවය දක්වන ලදී .

විරෝධතා පුවරු වල දක්නට ලැබුණේ අනිසි බලපෑම් බලපෑම් වලට යට නොවී යුක්තිය ඉටු කරන අධිකරණයේ ස්වාධීනත්වය රැක ගත් විනිසුරු ගිහාන් පිලපිටිය දඩයම හෙළා දකිමු, පැමිණිලිකරුට වරෙන්තු නිකුත් කරන නීතිය කුමට ද, නීතිය පිළිබඳ මහජන පිළිබද මහජන විශ්වාසය සුරැකිව රැක ගමු, නීතිපති මේ පිරි මහන්නේ පුද්ගලික කෝන්තරයක් ද, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් මහතා ගෙන් පළි ගැනීම වහා නවතනු  මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතා අත් අඩංගුවට ගැනීම වහා නවතනු  අධිකරණයේ ගරුත්වය කෙලෙසන්නට ඉඩ නොදෙමු මහධිකරණ විසූ ගිහාන් පිලිපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහා නවතනු.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇඹිලිපිටිය නීතිඥ නීතීඥ සංගමයේ සභාපති විජිත ජී පුංචිහේවා මහතා කියා සිටියේ

ඔහුට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අදාළ අංශවලට ඔහු පැමිණිලි කර ඇති බවයි. ඒ වකවානුවේ දී ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එක අඩාල වෙලා  එසේම මේ දුරකතන ඇමතුම් දුරකතන ඇමතුම් දිගටම පවත්වා පවත්වාගෙන යන්න කියලා තියෙන්නේ රංජන් රාමනායක මහතා. එක්ක  පොලිසියේ නිලධාරීන්. මොකද ඔහුගේ දරුවන් මරනවා කියලා තර්ජනය කරලා තිබෙනවා. පවුලේ අය මරනවා කියලා තර්ජනය කළ තිබෙනවා පොලිසිය උපදෙස් අනුවයි මේ දුරකථන ඇමතුම් දිගින් දිගටම සම්බන්ධ කරගෙන ගිහින් තිබෙන්නේ.  එහෙම තියන තත්ත්වයක් යටතේ මේ පරීක්ෂණ අවසන් වූ විට  පැමිණිලි කරු විත්තිකරු කර  ඉතාම නිහීන විදියට මේ වගේ තීන්දුවක් ගන්නවා නම් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කියලා අපි ඒකට විරුද්ධ වෙනවා.  මොකද මේක සමස්ත අධිකරණ පද්ධතියම එල්ල කරන අනියම් අභියෝගයක්.  අපි මේවට විරුද්ධයි එම නිසා එම නිසා අපි නීතිපතිතුමා සහ බලධාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ  එතුමාට සාධාරණය ඉෂ්ට කරන්න ඔහු ගේ හඬට සවන් දෙන්න.  මොකද ඔහු නිර්දෝෂයි කියලා ඔහුට ඇවිත් මාධ්‍යයට කියන්න බැහැ. නිර්දෝෂි පුද්ගලයෙක් අත් අඩන්ගුවට ගන්නකොට ඔහු අත්අඩංගුවට ගන්නේ සැකකාර හැටියට  අත් අඩංගුවට ගන්න කොට ඔහුට වන හානිය අනෙක අධිකරණ පද්ධතිය වන පද්ධතියට වන හානිය කොතෙක්ද කියා කියන්න බැහැ යයි සභාපතිවරයා කීය

පැයක පමණ කාලයක් ඇඹිලිපිටිය බස්නැවතුම්පල ඉදිරිපිට විරෝධය දැක්වූ ඇඹිලිපිටිය නීතිඥ සංගමයේ නීතිඥවරුන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා විසර යන ලදී .

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

9,419 Viewers

2 Comments to “විනිසුරු ගියාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි නීතීඥයන් විරෝධතා..”

  1. Kalana says:

    Ehema puluwanda? Apith udhgoshana kaloth ehema nawathwanawada? Kaalakanni, rata kana thawath paahara kotasak….

  2. Trump-WH-USA says:

    It is with a lot of interest, I am noting that in this Joke Country, Sri Lanka where the corrupt, criminal, vulgar politicians and also corrupt, criminal and biased Judges of Sri Lanka courts and those bloody corrupt, dirty, scum-bag lawyers all support a corrupt, criminal Judge to save him from being thrown in Jail for talking to Ranjan Ramanayaka and soliciting benefits from Ranjan to give decisions favouring jail sentences for Rajapaksas.

    Sri Lankas political and Judicial/Legal system are all corrupt and biased to support criminal and bloody bastard Judges and politicians.

Main News