විනිසුරු රථය ඉදිරියෙන් අසභ්‍ය සංඥා කරමින් ගමන් කල පිරිසක් අල්ලයි..

October 5, 2021 at 4:40 pm | lanka C news
විනිසුරු රථය ඉදිරියෙන් අසභ්‍ය සංඥා කරමින් ගමන් කල පිරිසක් අල්ලයි..

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ මාර්ගයක ගමන් කරමින් සිටි කාර් රථයට බාධා කොට අසෝබන ලෙසින් හැසිරුණු තරුණයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ නෙල්අඩි ප්‍රදේශය දෙසට ගමන්කරමින් තිබූ කාර් රථයක් ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝද රථයක සිටි පිරිසක් විසින් මහේසත්‍රාත් කාර් රථයට ධාවනය කිරීමට බාධාවන අයුරින් ත්‍රී රෝද රථය ධාවනය කොට ඇත.

පසුව ත්‍රී රෝද රථයේ සිටි තරුණයින් තිදෙනෙකු විසින් අශෝබන ලෙසින් හස්තමුද්‍රා යොදා ගනිමින් කාර් රථයේ සිටි පිරිස් අපහසුතාවයන්ට පත්කොට ත්‍රී රෝද රථයෙන් පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදී පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් කාර් රථයද ගමන් කිරීම ඒ පිළිබඳව ඉදිරියේ පිහිටි පොලිස් මාර්ග බාධකයකට දැනුම්දීමෙන් අනතුරුව ත්‍රී රෝද රථයේ ගමන්ගත් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉනුවිල්, නෙල්ලිඅඩි සහ වව්නියාව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 31,33, සහ 36 වයස්හි පසුවන අයවන අතර ඔවුන් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

97,463 views

4 Comments to “විනිසුරු රථය ඉදිරියෙන් අසභ්‍ය සංඥා කරමින් ගමන් කල පිරිසක් අල්ලයි..”

  1. Hasith says:

    ඉතාම හොදයි.මෙවෙනි රස්තියාදු කාරයන් අද ඉතා විශාල වශයෙන් සිටිති.මාරගයෙ කිසිම විනයක් නොමතිව යන මොවුන් මට්ටු කිරිම රටට ඉතාම අවශ්‍ය කාරනයකි

  2. aho says:

    මහෙස්ත්‍රත්ට පමනක් විශේෂ විය යුතු නැහැ රටේ නීතිය හරියට තිබුනානම් මෙහෙම වෙන්නෙ නැහැ. සාමාන්‍ය මිනිහෙකුට උනානම් ඉවසගෙන ඉන්නවා මිස වෙනකරන්න දෙයක් නැහැ.

  3. Mahesthras(Magistrate) says:

    Mama pare yanne anith untath nithiya uganna uganna loku line dagena. Police bike ekak issarahin thiyagena. Mata penna ba mawa issara karanna hadana ewun. Ekatath ekka mage driver. U hithan inne u president kiyala

Main News