විනිසුරු සංගමයටත්, අධිකරණ ඇමතිටත් එජාප වෙබ් අඩවිය පහර දේ..

February 21, 2017 at 4:40 pm | lanka C news
විනිසුරු සංගමයටත්, අධිකරණ ඇමතිටත් එජාප වෙබ් අඩවිය පහර දේ..

ශ්‍රීලංකා නීතිඥ සංගම් නිලවරනය දින නියමයක් නොමැතිව කල් දැමීම සම්බන්ධව ඉතා පහත් ලෙස සමස්ථ අධිකරණ සේවාවම ජනතාවගේ ගෞරවය ඈත්වන අන්දමින් පුවතක් එජාප හිත්වත් ශ්‍රී ලංකාවන් පිටත සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

ජනාධිපතිවරයා විසින් ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ් අලගරත්න මහතාගේ ඉල්ලීමක් මත මඩකළපුව නීතිඥවරයෙකු වන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්කිරීම සාධාරණ කොට ඇති අතර අධිකරණය සේවා නිලධාරින්ගේ සංගමය සහ වර්තමාන ආණ්ඩුවේ අධිකරණය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම පත්වීම සම්බන්ධව මුල සිටම ජාතිවාදී ස්වරූපයෙන් කටයුතු කරන බවට චෝදනා කොට ඇත.

මෙහිදී එම වෙබ් අඩවිය විනිසුරුවන්ගේ සංගමයට අනතුර අගවමින් පවසා ඇත්තේ ශ්‍රීලංකා නීතිඥ සංගමයේ නිලවරනය පැවත්වීමට අදාළ ඡන්දය දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 40 ක විනිසුරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම වර්ජනය හේතුකොට පැවත්වීමට නොහැකි වුවත් ඒ සඳහා විනිසුරුවන්ගේ සහයෝගය නොමැතිව දැනට උසාවි වල විනිසුරුවන් නොමැති අවස්ථාවලදි වැඩ බලන විනිසුරුවන් ලෙස කටයුතු කරන නීතිඥවරුන් හා මහාධිකරණ විනිසුරුවන් සම්බන්ධ කරගෙන එම නිලවරනය පවත්වනු ලබන බවයි.

අදාල පුවත මෙතනින්

0 views

One Comment to “විනිසුරු සංගමයටත්, අධිකරණ ඇමතිටත් එජාප වෙබ් අඩවිය පහර දේ..”

  1. chamil says:

    අපෝ ඒ ලිපිය ලියලා තියෙන්නෙ කොටින්ගෙන් සල්ලි අරගෙන මාට්ටු වෙලා සුදු වෑන් එකකින් උස්සන්න කලින් රට පැනපු දේශද්‍රොහී විමල් ධීරසේකර පරයනෙ. උන්ට අනූව ඉතින් මුලු උසාවියම TNA උන්ගෙන් පිරෙව්වත් හරි කියයි.

Main News