විනිසුරු හා සටනින් නීතිපති පරදී.. අධිකරණයෙන් තහනම් නියෝගයක්..

February 20, 2020 at 1:20 pm | lanka C news
විනිසුරු හා සටනින් නීතිපති පරදී.. අධිකරණයෙන් තහනම් නියෝගයක්..

වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය අද නිකුත් කරන ලදී.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලද්දේ නිසි පරිදි මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබාගන්නා ලද නියෝගයකින් තොරව ගිහාන් පිලිපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබිණි.

ඊට එරෙහිව විනිසුරු විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.

අදාල චෝදනා මත විනිසුරුවරයා මේ වන විට වැඩ තහනමකට ලක් කර තිබේ.

43,315 Viewers

6 Comments to “විනිසුරු හා සටනින් නීතිපති පරදී.. අධිකරණයෙන් තහනම් නියෝගයක්..”

  1. ට්‍රාන්ස්ෆෝමර් හොරා says:

    ලංකා විදුලිබල මණ්ඩලය මංකොල්ලා කන LTL එක පිළිබඳව විමර්ශන ලිපි ගොනුව පුක අස්සේ ගහගෙන දඟලනවා .. දාපන්කෝ ඕක උසාවියකට

  2. Biased, corrupt and unbalanced Legal and Justice system appears well looking after the corrupt, biased and insincere Judges of their system. But, even so, when a poor person of the country gets caught with a small crime or offence, that person is given a severe jail sentence just to justify that the Justice is done to the offenders by this corrupt, criminal, biased Justice and legal system in this country.

  3. අක්බාර් ලොක්කා says:

    දප්පුල තප්පුලන්නේ අනාගතයේදී අග විනිසුරු පුටුවට පනින්න වගේ

  4. Saman F. says:

    Pilapitiya or Kulatunga??? Mentions both names??? Pls give the correct name

  5. karl says:

    Pleeeeease have a hair cut!!!

Main News