විනෝද චාරිකා එපා.. ශ‍්‍රීපාදය වන්දනා කරන්න එන්න..

December 23, 2018 at 8:02 am | lanka C news
විනෝද චාරිකා එපා.. ශ‍්‍රීපාදය වන්දනා කරන්න එන්න..

ශ්‍රි පාදස්ථානය පුජනිය  ස්ථානයක් ලෙස සලකා පරිසර හිතකාමි ලෙස ශ්‍රි පාද වන්දනාවේ පැමි‍ණෙන ලෙස වන්දනාකරුවන්ගෙන් ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක අති පුජ්‍යය බෙන්ගමුවේ  ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ ඉල්ලා සිටියි.

2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය (22) ආරම්භ කිරිමෙන් පසු මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ කියා සිටියේ ශ්‍රි පාද පත්මයට බුදු රාජාණන් වහන්සේ වැඩම කර අදට වසර 2600 ක් සපිරෙන බවයි.

එවන් උතුම් ශ්‍රි පදස්ථානය සහ එහි පරිසරය රැක ගැනිම වන්දනාකරුවන්ගේ වගකිමක් බවයි උන් වහන්සේ කියා සිටියේ.

ශ්‍රි පාදය කරුණා කිරිමේදි පොලිතින් සහ ඝන අපද්‍රව්‍යය රැගෙන ඒමෙන් වලකින ලෙසට ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වන්දනාකරුවනගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

185 views

7 Comments to “විනෝද චාරිකා එපා.. ශ‍්‍රීපාදය වන්දනා කරන්න එන්න..”

  1. Love nature says:

    ශ්‍රීපාද වන්දනාසමය

    මුල් කාලීන බෞද්ධ කලාශිල්ප වල බුදුන් වහන්සේ නිරූපණය කර ඇත්තේ බෝධි වෘක්ෂය, ධර්ම චක්‍රය, සිංහාසනය, පාද ලාඤ්ඡනය, ගිනිදළුවලින් වට කරන ලද ස්ථම්භය, හිස් ආසනය ආදී සංකේත මාර්ගයෙනි. කලා කෘති මගින් නිරූපණය කර ඇති සංකේත වැඩි ගණනක් බුද්ධ චරිතයට අදාළ වැදගත් සිදුවීම් හා සම්බන්ධ ඒවාය. සිදුහත් කුමරුගේ උප්පත්තිය නිරූපණය කර ඇත්තේ නෙළුම් මලක්, අලුත උපන් දරුවකුගේ පා සටහනක් හෝ හස්තියකුගේ සංකේත වලිනි. එසේම බුදුන් වහන්සේගේ බුද්ධත්වාවබෝධය බෝධිය යට හිස් ආසනයකින්ද ප්‍රථම ධර්ම දේශනාව ධර්ම චක්‍රයකින්ද පරිනිර්වාණය ස්තූපයකින්ද සංකේතවත් කිරීමෙනි. සාංචි භාරුත් හා අමරාවතී ස්තූප කැටයම් වල මේ හැම අවස්ථාවකදීම ඉහත කී සංකේතවලට දෙපසින් හෝ පහතින් සිට වන්දනා කරනා බැතිමතුන් පිරිසක් ද දැක්වෙයි. මුල් කාලයේ සංකේත වන්දනාව ව්‍යාප්තව පුළුල් ලෙස ජනපි‍්‍රයත්වයට පත්වී තිබුණු බවට සාධක වශයෙන් දැක්විය හැකි කාරණයක් නම් සාංචි ස්තූපයේ නිර්මාණ ශිල්පයේ දී බෝධි වෘක්ෂය හැත්තෑ හය වතාවක් ද ධර්ම චක්‍රය දස වතාවක් ද නිරූපණය කර තිබීමයි. කෙසේ වෙතත් මුල් කාලීන මූර්ති කලාවේ වන්දනීය සංකේත ලෙස නිරූපණය කර තිබුණු මෙම සියලු සංකේත පසු කාලයෙහි වැඳුම් පිදුම් කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලැබුණ සංකේත බවට පත් වූයේ නැත. ස්තූපය හා බෝධිය වෙනම පූජනීය තත්ත්වයට පත් වූ අතර ඒ පිළිබඳව ඉහත පරිච්ඡේදවලින් සාකච්ඡා කරන්නට යෙදිණ. අනෙකුත් සංකේත අතරින් අද දක්වාම වන්දනීයත්වයෙන් ප්‍රමුඛත්වයට පත්වී ඇත්තේ ශ්‍රී පාද ලාඤ්ඡනය යයි සඳහන් කළහොත් නිවැරදි යයි සිතමි.

    පාද ලාඤ්ඡන වන්දනාව බුද්ධ කාලයටත් පෙර සිට පැවත එන්නක් බව පෙනෙන අතර එහි ආරම්භය සෘග් වේද ස්තෝත්‍ර දක්වා අතීත කාලයකට දිවෙන බව විද්වතුන්ගේ මතයයි. පුරාවිද්‍යාඥ කනිංහැම් මහතාගේ අදහස වන්නේ ජනපි‍්‍රය බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට පසු මහාකාශ්‍යප හිමියන් විසින් බුදුන්ගේ පාද ස්පර්ශය කර පාදවලට නමස්කාර කිරීම පාද ලාඤ්ඡන වන්දනාවේ ආරම්භය බවයි. එහෙත් පාලි නිකාය ග්‍රන්ථවල දැක්වෙන තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීම බෞද්ධ ගිහි ජනතාව විසින් උන්වහන්සේගේ පාද ලාඤ්ඡනවලට ගෞරව නමස්කාර කර ඇත.

    පාලි අට්ඨකතාවල සඳහන් වන ආකාරයට බුදුන්වහන්සේ පා ගමනින් වඩින විට උන්වහන්සේගේ පා සටහන් පිහිටන්නේ නැත. එවැන්නක් සිදුවන්නේ උන්වහන්සේ අධිෂ්ඨාන කළහොත් (අධිට්ඨාන වසෙන) පමණක් බව අටුවාව පැහැදිලි කරයි. වරක් බුදුන්වහන්සේ උක්කට්ඨා හා සේතව්‍ය අතර මහා මාර්ගයෙහි හුදකලාව වඩින අතර ඒ මාර්ගයෙහිම ගමන්ගත් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් බුදුන්ගේ පිය සටහනෙහි වූ අර, නිම්වළලු, චක්‍ර ලක්ෂණ හා ඊට අදාළ උපාංග සියල්ලෙන් සම්පූර්ණ පා සටහනක් බව සඳහන් වෙයි. ඒ ආකාරයෙන්ම වෙනත් අවස්ථාවක බුදුහු මාගන්දිය බ්‍රාහ්මණයාට පෙනෙන පරිදි හිතාමතාම තම පිය සටහන් පෑ බව කියවේ. එබඳු විෂය ලක්ෂණ ශාස්ත්‍රය විෂය පිළිබඳ හසල දැනුමක් ඇති ඔහුගේ බිරිඳ උපාංග සහිත චක්‍ර ලක්ෂණය දැක මෙබඳු පියසටහන් ඇති පුද්ගලයා රාගය ප්‍රහීණ කළ යුතුයයි කීවා ය. මෙය වූ කලී පූජාර්භ වස්තුවක් වශයෙන් නොව උන්වහන්සේ තම සම්බුද්ධත්ව පදප්‍රාප්තිය විමංසනයට භාජනය කිරීම සඳහා පාසටහන මුදාහළ විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ.

  2. Love nature says:

    ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ
    සිරිවස දෙක පිහිටපු සිරි පතුලේ
    නදවට දෙක පිහිටපු සිරි පතුලේ
    අපි යමු වඳින්ට ඒ සිරි පතුලේ

  3. Saradiel says:

    වඳින්ඩ යන මේ නඩේට
    සුමන සමන් දෙවි පිහිටයි

    වැඳල බහින මේ නඩේට
    සුමන සමන් දෙවි පිහිටයි
    කරුණාවයි – කරුණාවයි

  4. Love nature says:

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් සුරකිනු ලබයි ..

  5. sunimal says:

    සමන්ගිරේ වනමල් ගෙන
    වදින්ට කර පිනිපා
    මුනිඳාණෙනි සමන්ගිරේ
    තබන්න ඒ සිරිපා..

    සමිඳුනි ඔබෙ සව්වන් හැම
    වදින්ට එන සිරිපා
    පුළුනක් සේ ගෙන යන්නම්
    කඳු මුදුනට සිරිපා…

    දිවමන් හිමි දුටුවා සේ
    වැඳගන්නට සිරිපා
    මුනිඳාණෙනි සමන් ගිරේ
    තබන්න ඒ සිරිපා..

  6. Love nature says:

    ශ්‍රි පාදස්ථානයට ආදම්ගේ කිසිම සම්බන්දයක් නැත ආදම් යනු රෝම වරුන්ගේ සුරංගනා කතාවක්

  7. Love nature says:

    බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් ආදම් සහ ඒව පිළිබඳ වාර්තාව බොහෝ අයට රසබර කතා පුවතක් පමණයි.

Main News