විපක්ෂ නායකගේ නම කපලා.. එජාප මන්ත‍්‍රිනි රෝහිනි කවිරත්නට චෝදනා…

December 26, 2017 at 12:00 pm | lanka C news
විපක්ෂ නායකගේ නම කපලා.. එජාප මන්ත‍්‍රිනි රෝහිනි කවිරත්නට චෝදනා…

ලග්ගල ආසන සංවිධායක වරිය විසින් සිය එක්සත් ජාතික පක්ෂ සභිකත්වය අහෝසි කළ බව නාඋල එක්සත් ජාතික පක්ෂ හිටපු විපක්ෂ නායක වරයා චෝදනා කරයි.

හිටපු විපක්ෂ නායක නිමල් කරුණාතිලක මහතා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රම සිංහ මහතා හා පක්ෂ මහලේකම් විසින් අනුමත කරන ලද සිය නාම යෝජනා පත ලග්ගල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය විසින් කපා දමා ඇති බවයි.

වසර ගනනාවක සිට එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහනය වෙනුවෙන් කැපවු තමන් ඉවත් කර මේ වන විට වෙනත් පුද්ගලයෙකු ඡුන්දයට ඉදිරිපත් කර ඇති බව ද නිමල් කරුණාතිලක මහතා කියා සිටියේය.

ලග්ගල ආසනේ දිනවීම ස`දහා තමන් කැපවීමෙන් කටයුතු කළ බවත් පළාතේ මන්ත‍්‍රිතුමියගේ ජයග‍්‍රහනයෙන් පසු විපක්ෂ නායක වු තමන් ගැන නොතකා වෙනත් පුද්ගලයින් පසු පස ගොස් තමන්ට අසාධාරණයක් සිදුකල බවට ද හෙතෙම චෝදනා කළේය.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු විපක්ෂ නායක නිමල් කරුණාතිලක මහතා.

‘‘ පක්ෂ ලේකම්තුමා සහ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡුා කරලා සිරිකොතේ දී දහ අට වෙනිදා මම අරංගල කොට්ඨාශය වෙනුවෙන් අත්සන් කළා. පස්සේ මන්ත‍්‍රිතුමියත් එක්ක සුහදව කතා කරලා මම ආවේ. පස්සේ මහ ලේකම් තුමන් එක්ක කතාකරලා ආපහු වෙනස් කරලා මගේ නම. මම මුල ඉදම්ම දැනගෙන හිටියා මට කැපිල්ලක් තියනවා කියලා.

මම හිතන්නේ මම ඉල්ලපු අරංගල කොටසට එන්න එපා කියලා යම් කිසි කෙනෙකුගෙන් මන්ත‍්‍රිතුමිය සන්තෝෂමක් ලබාගත්තා කියලා ගමේ අය කියනවා. පස්සේ යම්කිසි එක`ගතාවයකට ඇවිත් මාව ලැයිස්තුවෙන් කපලා තියෙවා.’’

හිටපු විපක්ෂ නායකවරයා විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ලග්ගල එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිණි රෝහිණි කවිරත්න මහත්මිය ගෙන්න ද අපි විමසීමක් කළෙමු.

එහි දි ඇය කියා සිටියේ අභූත චෝදනා එල්ල කරමින් තමන් වෙත එල්ල කරන චෝදනා සියල්ල තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

ලග්ගල ආසනයේ සභා හතරටම සභිකයින් පත්කිරීමට කමිටු හතරක් පත්කල බවත් එම කමිටු නියෝජනය කළේ හිටපු මන්ත‍්‍රිවරුන් මෙන්ම දිස්ත‍්‍රික් කළමණාකරු ඇතුළු තමන් බවත් ඇය කියා සිටියාය.

එමෙන්ම නාඋල කමිටුව නියෝජනය කළේ තමන් ඇතූළු දිස්ත‍්‍රික් කළමණාකරු ඇතුළු නිමල් කරුණාතිලක මහතා බවත් ඇය ස`දහන් කළේය. ඔවුන් විසින්ම යොජනාකරන ලද පුද්ගලයින් කොට්ඨාශ ස`දහා යෙදවු බවත් ඇය ස`දහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වු රෝහිනි කවිරත්න මහත්මිය.

‘‘ මම කමිටුවේ දී කිවේ හිටපු මන්ත‍්‍රිවරුන්ට දිනන්න පුලූවන් කොට්ඨාශ තොරගන්න කියලා. නිමල් කරුණාතිලක මහත්මයා ඉල්ලූවේ තලාගොඩ කොට්ඨාශය. මොරගලහකන්දට තලාගොඩ ප‍්‍රදේශය යටවෙන නිසා මම කිවා ඔහුගේ ඥාතීන් සිටින ලග්ගල කොටසින් ඉල්ලන්න කියලා. ඔහු ඒක ප‍්‍රතික්ෂේප කළා ලග්ගලින් ඉල්ලලා සභාපති වෙන්න බෑ කියලා.

නැවත ඔහු කොන්ගහවෙල කොට්ඨාශට ඉල්ලූවා. අපි ඒ කොටිඨාශය දුන්නා ඒක එපා කිව්වා. අන්තිමට අරංගල කොට්ඨාශය ඉල්ලූවා. නිමල් කරුණාතිලක මහතා මට විරුද්දව සිරිකොතේ හැම තැනම ගියා. අගමැතිතුමා හමුවුනා. නමුත් මම පක්ෂ නායකත්වයට හැම වෙලේම ගරු කරනවා. මම පක්ෂ නායකත්වය දැනුවත් කළා මේ තත්ත්වය.

අවසානයේ මම පක්ෂයේ නායකතුමාට හා ලේකම් තුමාට ඒ අයගේ අවසන් තීන්දුව දෙන්න අවස්ථාව දුන්නා. පසුව පක්ෂ තීරණය කළා නිමල් කරුණාතිලක මහතාට අරංගල දෙන්න. පසුව සොයා බලනකොට නිමල් කරුණාතිලක මහතා ගුරු සේවයේ එක යටතේ ඉන්නේ. පළාත් පාලන පනත අනුව ගුරු සේවයේ එක තනතුර යටතේ ඡුන්දය ඉල්ලන්න බෑ.

පසුව හෝ නඩුවක් වැටුනොත් මන්ත‍්‍රිකම අහෝසි වෙනවා.පසුව නිමල් මහතා සිරිකොතට ගෙන්වලා විමසද්දි ඔහු කිවේ ගුරු සේවයේ දෙකේ එක කියලා.පසුව නීතීඥවරුන්ගෙන් උපදෙස් ලැබුනා මේ කතාව පරස්පරයි කළාප අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් තොරතුරු ගන්න කියලා. ඒ අනුව අපි සොයා බලන කොට නිමල් කරුණාතිලක මහතා 2014 සිට ගුරුසේවයේ එක යටතේ සේවය කරන්නෙක් කියලා තහවුරු වුනා. නීතිඥ මණ්ඩලයම ඔහු නොමග යවලා තිබුනා.

නැවතත් මම විසි වෙනිදා ඔහුව සිරිකොතට කැදවලා මම උත්සහා කළා වැටුප් ගැටලූව නැතිනම් ඔහුව ඡුන්දයට යොදාගන්න. පසුව සිරිකොතේ හැම කෙනෙක්ම ඔහුව ප‍්‍රතික්ෂේප කළා ගුරු සේවයේ එක ස`දහා නාම යෝජනා දෙන්නේ නෑ කියලා. පක්ෂයේ මහලේකම් තුමාගේ අන්තිම තීරණය වුනේ ගුරු සේවයේ එක නම් දෙන්න බෑහැ කියලා. මගේ මැදිහත්වීමකින් නෙවෙයි මෙම තත්ත්වය ඇතිවුනේ.

මම මහලේකම් තුමා ඉදිරියේම නිමල් කරුණාතිලක මහතාට කතා කළා කරුණාකරලා එන්න මේ තත්ත්වය පැහැදිලි කරන්න කියලා. ඔහු පෙරලා උත්තර දුන්නා, නැ ඕනේ නැහැ මම ස්වාධින කණ්ඩායමක් දානවා කියලා. මෙතන දී කියන්න ඕනේ සිරිකොත ඇතුලෙදී නිමල් කරුණාතිලක මහතා නාම යෝජනා ගන්න උත්සහා කරන අතරතුරදීත් ස්වාධීන කණ්ඩායමකට ඇප බැ`දලයි තිබුනේ.

මගේ මැදිහත්මක් උනා මේකට කියලා ඔහු කියන කථාව මම හිතන්නේ එයාගේ හුදු ජනප‍්‍රියත්වය ස`දහා කරන ප‍්‍රකාශයක්. පසුගිය වසර දෙක පුරාවට එයාට දීපු කිසිම වැඩක් කළේ නැහැ. ශාකා සමිති පිහිටවන්න කියලා මම ටිකට් දුන්නා ටිකට් හෝ මුදල් මට ලැබුනෙත් නැහැ.මම ඒවත් අමතක කරලා මේයාට ඕනේ කොට්ඨාශය ලබාදෙන්න කටයුතු කළා.

නමුත් මට කියන්න ඕනේ මෙයා මට චෝදනාවක් කරනවා. මම අල්ලසක් ගත්තා කියලා. මම ගාව තියෙනවා නිමල් කරුණාතිලක මහතා මේ සම්බන්ධයෙන් තැනතැන කතා කරපුවා. මට බොහෝ පිරිසක් එයා කතාකරපු හ`ඩපට ගෙවිත් දීලා තියෙනවා.

මම දැන් එයාට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා. ඒ ස`දහා මම පොලිසියේ පැමණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වසර දෙකෙහමාරක කාලය තුළ මේ ලග්ගල ආසනේ කිසිදු පුද්ගලයෙකුගෙන් අල්ලසක් වශයෙන් තේ කොප්පයක් වත් බීලා නැහැ මම. නිමල් කරුනාතිලක මහත්තයට අභියෝග කරනවා කාගෙන් හරි එහෙම අල්ලසක් අරන් තියෙනවා නම් කරුණාකරලා උසාවියේ දී ඔප්පුකරලා පෙන්නන්න. නැතිනම් එයාට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. අනිවර්යෙන්ම මම මේ ප‍්‍රශ්නය උසාවියට ගෙන යනවා.’’ යැයි ද සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

102 views
Main News