විපක්‍ෂයට ආන්ඩුවෙන් ඇමතුමක්.. ගම්මන්පිලට විරුද්දව වහා විශ්වාස භංගයක්.. පොහොට්ටු පසුපෙස සහාය සහතිකලු..

June 16, 2021 at 9:20 am | lanka C news
විපක්‍ෂයට ආන්ඩුවෙන් ඇමතුමක්.. ගම්මන්පිලට විරුද්දව වහා විශ්වාස භංගයක්.. පොහොට්ටු පසුපෙස සහාය සහතිකලු..

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු සූදානම් කරමින් සිටියි.

එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකිවයුතු බවට සඳහන් කරමින් හැකි ඉක්මනින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

යෝජනාව සම්මත කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය ද සහාය ලැබෙන බව ද ඔහු පැවසීය.

ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ද ඊට ලැබෙන බව විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසන්නේ මෙම විශ්වාස භංගය ගෙන ඒම සදහා කටයුතු කරන ලෙස ආණ්ඩු පාර්ශවයේ පිරිසකගෙන්ම සහාය ලැබී ඇති බවය.

47,920 views

48 Comments to “විපක්‍ෂයට ආන්ඩුවෙන් ඇමතුමක්.. ගම්මන්පිලට විරුද්දව වහා විශ්වාස භංගයක්.. පොහොට්ටු පසුපෙස සහාය සහතිකලු..”

  1. රාවණා says:

    රටේ ජනතාව දන්නා මොකක්ද සිදුවිය යුත්තේ කියලා ඔබතුමා සමග ජනතාව ඉන්නවා. පරගැති යාපාලන ආණ්ඩුව තේලමිල වැඩි කල ආකාරයද ජනතාව දන්නවා ජනතාව විහිලුවට ගෙන තමයි ඒ වැඩේ කළේ. නමුත් ඉතිහාසයේ පළමු වරට වැඩි කිරීමට හේතු පැහැදිලි කරලා විස්තර කරලා ඔබතුමා ඒ වැඩේ කළාම කට්ටියට රිදෙනවා තමයි. ජනතාව ඔබ සමගයි….

  2. sansala says:

    විපක්ෂයේ කෙරුවාව දන්නවා ජනතාව ඒක නිසා මේ විශ්වාසභලයත් පුස් වෙඩිල්ලක් තමයි.

  3. nimal says:

    කිසිම වසංගතයක්වත් කිසිම කරදයක් නැතුව විපක්ෂයේ උන්ටික කලින් ආණ්ඩුව කරනවිට මාසයක් ගානේ තෙල් මිල වැඩි කරන කොට සජිත් ප්‍රේමදාස කොහේද බන් හිටියේ එතකොට මික් සද්දයක් නෑ නේ. උබලා කරද්දි හරි වෙන්නත් මෙයාලට වැරදි වෙනත් බෑනේ නේද?

    • සදා UNP says:

      ඒ කාලෙ සජිත් බේබි හිටියෙ කටේ පිට්ටු හිරවෙලා වගේ
      රනිල් හාමු හ්ම් කිව්වම සජිත් බේබිට ටොයි-ලැට් වෙනව
      වටේ හිටපු යන එන මං නැති හාල් පාරුවො රැල තමා සජිත් බේබිව අන්දලා, ෆෝම් කරලා දඩමීමා කරගත්තෙ උන්ගෙ වැඩ කරගන්න
      අන්තිමට ඕකුන් ඔක්කොටම බඩගාගෙන රනිල් හාමු ලඟට එන්න වෙනවා

  4. වජිර says:

    විපක්ෂය ගේනව කියමු. පොහොට්ටුවේ එවුන් සපෝට් කරන්නේ ඇයි ? උදයල විමල්ල තොපිට ආණ්ඩුවක් හදල දුන්න නිසාද ?

    • Saradiel says:

      පවුල් පාලනයට තවත් පවුලේ එකෙක් එක් කරගන්න ..එවිට කිසිම කරදරයක් නැතිව ආණ්ඩුවේ මගඩි කිරීමට පහසුයි …69 ලක්ෂයක් රැවටුණු රැවටිල්ල ..මහා බැංකු වංචාවේ සැකකරුත් පාර්ලිමේන්තුවට එන රටක් නේද මේ ?

  5. අත්තනගල්ලෙ අපි says:

    ආණ්ඩුවේ සිට ආණ්ඩුවේ කොටස් කරුවන් ට විරුද්ධ ව කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රි කවුරුන් හෝ සිටී නම් , අපි එලවන්න කලින් අස්වෙලා ගෙදර යන්න.රජයක සාමුහික වගකීම නොදන්නා ගොන් අපිට වැඩක් නැහැ.

    • කඩුවෙල අපි says:

      එකෙන්ම! සහයෝගයෙන් රටට වැඩක් කරන්න බැරි එවුන්ව ඊලඟ ඡන්දෙන් හැඳිගෑවිලා ගොමගෑවිලා මකබෑවිලා යන්න දෙන්නෙ

  6. Hirugal Bandara says:

    Finally something positive from opposition

    • ගල් බන්ඩා says:

      කිසිම දෙයක් හරියට කරගන්න බැරි විපක්සෙට මේ වගේ 2.50 වැඩ විතරයි පුළුවන්. නායකයගෙ හැටියට ගෝලයො ටික. හිකෙන්පුනා යකෝ.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මුන් මේ වැඩෙන් නම් තෙල් නාගන්නව​.කැස්බෑවො හාර සීයක් විතර මැරිලලු තෙල් නැවෙන්.ටෙලිෆෝන් කීයක් නැති වෙයිද? මහ අලිය එනව ඇතුලට දිවුල් ගෙඩිය ගිල්ල වගේ තමයි ටෙලිෆෝන් ගිලින්නෙ.

    • සදා UNP says:

      ඔන්න බලාපල්ලා සජිත් බේබි පස්සෙන් ගිය එවුන්ට රනිල් හාමු අරිනවා ඇරිල්ලක් ඇඩ්රස් නැති වෙන්න. සජිත් බේබි නම් හෙමීට ඇවිත් නියෝජ්‍ය නායක පුටුවේ වාඩි වෙයි. පස්සෙන් ගිය එවුන්ට අබ සරණයි.

  8. පසු says:

    පසුපෙළ හොරිකඩයන් සහ වැඩ බැරි නිකම්මු ටික සුද්ද කරලා ගන්න ඕන පොහොට්ටුවට හරියන්න.

    ගම්මන්පිල, විමල් වීරවංශ මැතිඳුන් නොබියව ඉදිරියට යන්න. අප ඔබ සමඟයි.

Main News