විපක්‍ෂයට යන තීන්දුව 20 දා පාර්ලිමේන්තුවේදී ගන්නවා..- TB

September 16, 2017 at 3:00 pm | lanka C news
විපක්‍ෂයට යන තීන්දුව 20 දා පාර්ලිමේන්තුවේදී ගන්නවා..- TB

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් ධුරයන් අතහැර විපක්‍ෂයේ අසුන් ගැනීම ගැන අවසන් තීරණය ගැනීමට එන 20 දා පාර්ලිමේන්තුවේදී හමුවන බව රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

මේ අතර නියෝජ්‍ය ඇමති ඩුලිප් වීරසේකර පවසන්නේ ශ‍්‍රීලනිප පිරිස විපක්ෂයේ අසුන් ගැනීම සදහා ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවයි.

ආණ්ඩුවෙන් තමනට උසස් තනතුරු දීමට යෝජනා කර ඇතත් එම තනතුරුවලින් දැන් වැඩක් නැතැයිද ඔහු කියා සිටියේය.

36 views
Main News