විපක්‍ෂයේ එක මන්ත‍්‍රීවරයෙක් හෝ බාන්න එජාපය උපරිම ලංසුව තියයි.. කෝටි 80කට පනින්න මන්ත‍්‍රීවරයෙක් සමගින් සාකච්චා..

November 11, 2019 at 3:00 pm | lanka C news
විපක්‍ෂයේ එක මන්ත‍්‍රීවරයෙක් හෝ බාන්න එජාපය උපරිම ලංසුව තියයි.. කෝටි 80කට පනින්න මන්ත‍්‍රීවරයෙක් සමගින් සාකච්චා..

ජනාධිපතිවරණයේ එජාප අවසන් වේදිකාවට හෝ විපක්‍ෂය නියෝජනය කරන එකම එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ එක් කරවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ වන විටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කර ඇතත් පවතින තත්වය මත ඔවුන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට අදිමදි කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මේ හේතුවෙන් මන්ත්‍රීවරයෙකු සදහා වූ ලංසු කෝටි 80 දක්වා ඉහළ ගොස් ඇති අතර කොළඹින් පිට පළාතක මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි 80 ක ලංසුවක් නියම කර තිබේ.

මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවකට පත් ව සිටින බවද වාර්තාවෙයි.

ඇතැම්විට ඔහු අවසාන එජාප වේදිකාවට ගොඩ වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාලයේ මේ දක්වාම කිසිදු විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු එජාප වේදිකාවට එක්වූයේ නැත.

37,343 Viewers

7 Comments to “විපක්‍ෂයේ එක මන්ත‍්‍රීවරයෙක් හෝ බාන්න එජාපය උපරිම ලංසුව තියයි.. කෝටි 80කට පනින්න මන්ත‍්‍රීවරයෙක් සමගින් සාකච්චා..”

  1. "පස්-අවුරුදු-සාපයේ-ලාභය" says:

    රාජිතය මේ එන එකාවත් බිල්ලට දෙයි නේ
    ප්‍රජා අයිති අහෝසි කර නම රටට කියයි නේ
    මුං වැනි අපතයෝ ලඟදිම ගොදුරු වෙයි නේ
    මෙතරම් ලංසු දෙන්න පගා රජුල බිහිවුන නේ

  2. UNP-GALIBBA says:

    යන එකා අනාතයි ගිලෙන නැවේ නගින්න ගියොත් පරාජය නියතයි???
    මඩ පොස්ට් සහ පොස්ටර් වියාපාරය තමා මුන් දන්නෙ දැන් මහජනයා ගොනාට අඳපු කාලේ අවස්න්??

  3. හෙලයා says:

    මොංගල් ගෙ මඩ බලකාය ඩෙස්පරේට් වෙලා.

  4. බිල්ල says:

    පලයන්කෝ UNP එකට, නිකම්ම නෙවේ කෝටි 100 යි, ඊළඟ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමයි, අවුරුද්දකට පස්සේ USA – PR එකයි අරං. මේවගේ ඩීල් එකකට UNP ය කතාකරන්නේම හේතුවක් ඇතුවනේ. ඇතුල කුණු පොල්ගෙඩියක් නිසානේ.

  5. බන්ඩා says:

    රටේ ආර්තිකය විනාස කල, මංත්‍රී වරැන්ට ලංසු තබන්න මුදල් සොයා ගත් බැඳුන්කර හොරැන්ට ගෝඨාගේ ආණ්ඩුවෙන් අවශ්‍ය නීති හදා ඉතා ඉක්මනින් නිසි දඬුවම් දිය යුතුය්.

  6. සරා says:

    විපක්ෂයේ මන්ත්‍රිවරු වැඩක් නැහැ බං.‌ෙගෝඨා එක්ක ඉන්නේ ‌ෙමෙිරටෙි ජනතාව.මහින්ද ගියත් මිනිස්සු ‌ෙපොහොට්ටුවට ඡන්දය ‌ෙදෙනවා.ඉස්සර තමයි මන්ත්‍රිවරු අනුව ඡන්ය ‌ෙවෙනස් වුනේ.මම කියන්නේ ‌ෙබොරුද බලපං ඔය ‌ෙදෙපැත්ත වැනෙන එක මන්ත්‍රිවරයෙකුට ලබන පාර ‌මහින්ද වාදින්ගෙන් ඡන්දය ලැබෙන්නේ නැහැ.

Main News