විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අපි නම් කරගන්නම්.. 16 කණ්ඩායම ඒවට එන්න එපා..- ඒකාබද්දයෙන් චෝදනා

May 28, 2018 at 12:00 pm | lanka C news
විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අපි නම් කරගන්නම්.. 16 කණ්ඩායම ඒවට එන්න එපා..- ඒකාබද්දයෙන් චෝදනා

මීලග ජනාධිපතිවරණය සදහා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි නම් කිරීමට 16 කණ්ඩායමට කිසිදු අයිතියක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පවසයි.

16 කණ්ඩායම සමග දේශපාලනය කල යුත්තේ ඔවුනගේ දේශපාලන අරමුණ පැහැදිලිව හදුනාගැනීමෙන් පසු බවද ඔහු සදහන් කරයි.

ඕනෑම කණ්ඩායමක් සමග එක් වී ආණ්ඩුව පරාජය කල යුතුය යන ස්ථාවරයේ සිටියද කල්ලි කණ්ඩායම් හදා විපක්‍ෂ අරගලය දින කරන්නට 16 කණ්ඩායම කටයුතු කරන්නේදැයි සැක මතුවන බවද ඔහු කියා සිටී.

මැතිවරණ පරාජය නිසා ආණ්ඩුවෙන් එලියට බැස ආ කණ්ඩායමකට විපක්‍සයේ ජනාධිපති අපේක්‍ෂකයා තේරීමේ අයිතිට ලබා දීමට කිසිසේත්ම උවමනා නැති බවද ඔහු අවධාරණය කරයි.

109 views

14 Comments to “විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අපි නම් කරගන්නම්.. 16 කණ්ඩායම ඒවට එන්න එපා..- ඒකාබද්දයෙන් චෝදනා”

  1. Nandasoma Suriyaarachchi says:

    සහතික ඇත්ත….. එයාල පළාත් පාලන ඡන්දෙන් පස්සෙ දැන ගත්ත ශ්‍රී ලංකා එකට යන එන මං නැති බව….

    දැන් එයාල පොහොට්ටුවේ එල්ලිලා ගොඩ යන්නයි හදන්නෙ……

    දේශපාලන වශයෙන් පක්ෂයක් දිනන්න නම් හැමෝම එකතු කර ගත යුතුයි…..

    ඒ වගේම ජනතා විරෝධී අණ පනත් පරාජය කරන්නත් එයාලගෙ සහාය අවශ්‍ය වෙනව…..

    පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රී ලංකා කියාගන්න අය සැබෑ ජනතාවාදීන් නම් අඩුම ගණනෙ ඒ වගේ අවස්ථා වලදිවත් විපක්ෂයට සහය දාය යුතුයි…

    ඒ උනත් එයාලට අවශ්‍ය විදියට ඒකාබද්ධ විපක්ෂය වැඩ කළ යුතු නැහැ..