විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට.. සාකච්චා අවසන්..

October 3, 2021 at 9:20 am | lanka C news
විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට.. සාකච්චා අවසන්..

ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවද ඔහු පැවසීය.

මෙය අතර අරලියගහ මන්දිරයේදී පිරිසක් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති සාකච්ඡාවක දී ඔහුද සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වනු ඇති බවයි.

114,249 views

27 Comments to “විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට.. සාකච්චා අවසන්..”

  1. ගෞම් ඊයාරාජ් says:

    චන්දයක් තියන්න බලන්න මහත්තයො මොනාද වෙන්නේ කියලා පැහැදිලිව බලාගන්න පුලුවන් , අනික ඉතින් ඇට නැති දිවට හතරේ ව්ටේ නැමෙන්න පුලුවන්නේ , විපස්සේ ඔක්කොම හරි අරගෙන අර සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා ඉන්නකො ඉතුරු අවුරුදු තුනේ. 😂😂😂

  2. On The Spot says:

    විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට?හිටියත් සල්ලි,නොහිටියත් සල්ලි.කැටගොඩ නගිනව බහිනව හරියට ප්‍රයිවෙට් බස් එකක් වගේ,නැග්ගත් සල්ලි,බැස්සත් සල්ලි.වී ,සීනි,සුදුලූණු,කහ හංගනව?හැංගුවත් සල්ලි එලියට දැම්මත් සල්ලි.හොරා පොලිස් සෙල්ලම් කරනව.උන් අපිට පෙන්නනව අපි බලාන ඉන්නව.ආයෙ නම් දෙන්නෙ නෑ කියනව.චන්දෙ ලං වෙනකොට තහඩු බෙදනව,බඩු මලු දෙනව,අරක්කු දෙනව,රස්සා දෙන්නම් කියනව,අරක දෙන්නම් මේක දෙන්නම් කියනව.අපේ උන් ගිහින් කතිරෙ ගහනව.ආයෙ බනිනව,ආයෙ චන්දෙ දෙනව.මේක නොනවතින චක්කරයක්??????????

  3. Sira says:

    හරි 69 ලාක්ශේ බලමු සෞභාග්‍යයේ දැක්ම මේසරේ

Main News