විපක්‍ෂයේ 17ක් ආණ්ඩුවට.. ඇතැම්විට 20ක් විය හැකියි..

September 22, 2020 at 2:12 pm | lanka C news
විපක්‍ෂයේ 17ක් ආණ්ඩුවට.. ඇතැම්විට 20ක් විය හැකියි..

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 ක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කරයි.

ඇතැම් විට එම පිරිස 20 දෙනකු විය හැකි බව ද ඇමැතිවරයා පැවසීය.

20 සංශෝධණය සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම පල කලේය.

එසේ ආණ්ඩු පක්ෂයට පැමිණීමට සූදානම් වන මන්ත්‍රීවරුන් මේ වන විටත් අග්‍රාමාත්‍යවරයාට ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දුරකථන ඇමතුම් ලබා දෙන බවත් වරප්‍රසාද ඉල්ලා හඬා වැටුණු බවත් ඔහු කියා සිටියේය.

47,624 views
Main News